ජමගි ජන බලවේගයෙන් ඉවත් කළ ඩයනාට ආණ්ඩු පක්‍ෂයේ ආසනයක්

20 වැනි සංශෝධනයට අදාළව ඡන්ද විමසීමේදී ආණ්ඩුවට පක්ෂව ඡන්දය ප‍්‍රකාශ කිරීම නිසා සමගි ජන බලවේගයේ පක්ෂ සාමාජිකත්වයෙන් ඉවත් කරනු ලැබූ ඩයනා ගමගේ මන්ත‍්‍රීවරියට ආණ්ඩු පක්ෂයේ පසුපෙළ ආසනයක් ලබා දීමට කටයුතු යොදා ඇත. එමෙන්ම 20 වැනි සංශෝධනයට පක්ෂව ඡන්දය භාවිතා කළ අරවින්ද කුමාර් මන්ත‍්‍රීවරයාට විපක්ෂය පැත්තේ ආණ්ඩු පක්ෂයේ මන්ත‍්‍රීවරුන් සිටින කොටසේ ආසනයක් ද ලබා දීමට කටයුතු යොදා ඇත.

විපක්ෂ මන්ත‍්‍රීන් වන ඩයනා ගමගේ සහ අරවින්ද කුමාර් දෙදෙනාට ආණ්ඩු පක්ෂයේ ආසන ලබාදෙන ලෙසට සභානායක දිනේෂ් ගුණවර්ධන මහතා පසුගියදා වේත‍්‍රධාරී නරේන්ද්‍ර ප‍්‍රනාන්දු මහතාගෙන් ඉල්ලීමක් කර තිබිණි.

ආණ්ඩුවට පක්ෂව ඡන්දය ලබා දුන් සමගි ජන බලවේගයේ මන්ත‍්‍රීවරුන් නව දෙනාට ආණ්ඩු පක්ෂයේ මන්ත‍්‍රී ආසන ලබාදෙන ලෙස විපක්ෂයේ ප‍්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පසුගියදා ඉල්ලීම් කර තිබුණු අතර, ආණ්ඩුවට සහාය දුන් සෙසු මන්ත‍්‍රීවරුන් හත් දෙනා සම්බන්ධයෙන් සභානායකවරයා වේත‍්‍රධාරිවරයාගෙන් ආණ්ඩු පක්‍ෂයේ ආසන පැනවීම සම්බන්ධයෙන් ඉල්ලීමක් කර නැත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *