ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සිසුවෙකු අනතුරට පත්වීමේ සිදුවීම නවක වද සිද්ධියක් නොවන බව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්රචාරක ලේකම් දුමින්ද නාගමුව මහතා පවසයි. ඔහු මේ බව පැවසුවේ අද පැවති මාධ්‍ය හමුවකදීය.
ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කරන්නේ මෙම සිදුවීම නවක වද සිදුවීමක් බව පෙන්වමින් රජය විශාල මර්ධනයකට උත්සාහ කරන බවයි.
පසිඳු හිරුෂාන් සිසුවා අනතුරට ලක්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සිසුන් පස් දෙනෙකු අද මිරිහාන පොලිසිය විසින් අත්අඩංගුවට ගැනුණි. ඒ අතර අනතුරට හේතු වූ බව කියන ටයරය එවූ සිසුවාද සිටින බව පොලිසිය පවසයි.
මෙම සිද්ධියෙන් හිසට බරපතළ තුවාල ලැබූ පසිඳු තවමත් කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියි.