Tuesday, November 3, 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

උණුසුම් පුවත්
ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල ඉහළ දැමීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පියවර ගනීඅභාවප්‍රාප්ත ජ්‍යෙෂ්ඨ නීතිඥ ලාල් විජේනායක මහතාගේ දේහයට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවසන් ගෞරව දක්වයිවන අලි සහ දළ ඇතුන් ඝාතනය කරන පිරිස්වලට දැඩි දඬුවම් පමුණුවන්න – විපක්ෂ නායකනව සූර්ය බලශක්ති අයදුම්පත් භාරගැනීම අත්හිටුවීම පිළිබඳව එක්සත් ජාතික පක්ෂයෙන් රජයේ බලශක්ති ප්‍රතිපත්තිය ප්‍රශ්න කෙරේදින ගණනාවක් සබඳතා ඇණහිට පොතුවිල්වලට නාවික සැතපුම් 200ක් ඈතින් පාවෙමින් සිටි ධීවරයින් හතරදෙනා ජීවතුන් අතර: නාවික හමුදාවෙන් සහ වෙරළාරක්ෂකයෙන් ඒකාබද්ධ මෙහෙයුමක්කුක් දූපත්හි වසර තුනකට ආසන්න කාලයක් සිරවී සිටින ශ්‍රී ලාංකික කාන්තාව මෙරටට ගෙන්වා ගැනීමට රජයේ අවධානය: මධ්‍යම අධිවේගී මාර්ගයේ පළමු අදියර වන කඩවත – මීරිගම කොටස 2028 අප්‍රේල් මාසයේදීජීවන බරට සහ අනිවාර්ය හමුදා සේවයට එරෙහිව ජර්මනියේ ‘Gen Z’ තරුණ නැගිටීමක්: නගර 34ක වීදි සටන්, කඩසාප්පු කොල්ලකෑම් සහ ගිනි තැබීම්මධ්‍යම අප්‍රිකානු ජනරජයේ සාර්ථක ප්‍රාණඇපකරුවන් මුදාගැනීමේ මෙහෙයුමකට ශ්‍රී ලංකා ගුවන් හමුදා දායකත්වයක්හම්බන්තොට ජාත්‍යන්තර වරායේ රථගාලකට අකුණු සැර වැදීමෙන් ආනයනික වාහන 11කට හානි
ප්‍රවෘත්ති

ජනාධිපති වික්‍රමසිංහ අලුත් ජනවරමක් ලබා ගත යුතු බවට පාර්ලිමේන්තු මන්ත්‍රී චන්න ජයසුමන පවසයි.

ජනාධිපති වික්‍රමසිංහ අලුත් ජනවරමක් ලබා ගත යුතු බවට පාර්ලිමේන්තු මන්ත්‍රී චන්න ජයසුමන පවසයි.

ආරක්ෂාව සම්බන්ධයෙන් හෝ වෙනත් කරුණක් සම්බන්ධයෙන් නැවුම් ප්‍රතිපත්තිමය තීරණ ගැනීමට අවශ්‍ය නම් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අලුත් ජනවරමක් ඉල්ලා සිටිය යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී චන්න ජයසුමන මහතා අද පාර්ලිමේන්තුවේදී පැවසීය.

අයවැය කාරක සභා අවස්ථාවේ විවාදයට එක්වෙමින් ජයසුමන මන්ත්‍රීවරයා කියා සිටියේ ජනාධිපතිවරයෙකු ඉල්ලා අස්වීමෙන් පසු ඉතිරි කාලය සභාවෙන් තේරී පත්වන අයෙකුට වසර හතරහමාරකින් පසු මැතිවරණයකට යා හැකිද යන්න පැහැදිලි නොමැති බවයි. “මෙය නිෂ්කාශනය කර ගැනීමට අධිකරණයෙන් මතය විමසිය යුතුය,” ඔහු පැවසීය.

වත්මන් ජනාධිපතිවරයාට කඩිනමින් ජනාධිපතිවරණයකට යාමට අවශ්‍ය ප්‍රතිපාදන ලබා දීම සඳහා පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් ගෙන ඒමට මම සූදානම් බව ඔහු වැඩිදුරටත් පැවසීය.

වත්මන් ජනාධිපතිවරයා 1994, 2004 සහ 2019 වසර වලදී පරාජයට පත්වී ඇති බවත්, එබැවින් ඔහුගේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමට තමාට ජනවරමක් නොමැති බවත් ඔහු පැවසීය. ඒ අනුව වත්මන් ජනාධිපතිවරයා නැවුම් ජනාධිපතිවරණයකට යා යුතු බවද ඔහු කියා සිටියා.

“ජනාධිපතිවරණයකින් ජයග්‍රහණය කළ තැනැත්තා දිවුරුම් දී ආපසු ගෙදර යමින් සිටියදී මිය ගියහොත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට නව ජනාධිපතිවරයකු පත් කර ගැනීමට සිදුවේ. මෙය ප්‍රජාතන්ත්‍රවාදයේ මූලධර්මවලට පටහැනියි.

ඔබේ අදහස

Your email address will not be published. Required fields are marked *