Monday, November 2, 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

උණුසුම් පුවත්
ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල ඉහළ දැමීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පියවර ගනීඅභාවප්‍රාප්ත ජ්‍යෙෂ්ඨ නීතිඥ ලාල් විජේනායක මහතාගේ දේහයට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවසන් ගෞරව දක්වයිවන අලි සහ දළ ඇතුන් ඝාතනය කරන පිරිස්වලට දැඩි දඬුවම් පමුණුවන්න – විපක්ෂ නායකනව සූර්ය බලශක්ති අයදුම්පත් භාරගැනීම අත්හිටුවීම පිළිබඳව එක්සත් ජාතික පක්ෂයෙන් රජයේ බලශක්ති ප්‍රතිපත්තිය ප්‍රශ්න කෙරේදින ගණනාවක් සබඳතා ඇණහිට පොතුවිල්වලට නාවික සැතපුම් 200ක් ඈතින් පාවෙමින් සිටි ධීවරයින් හතරදෙනා ජීවතුන් අතර: නාවික හමුදාවෙන් සහ වෙරළාරක්ෂකයෙන් ඒකාබද්ධ මෙහෙයුමක්කුක් දූපත්හි වසර තුනකට ආසන්න කාලයක් සිරවී සිටින ශ්‍රී ලාංකික කාන්තාව මෙරටට ගෙන්වා ගැනීමට රජයේ අවධානය: මධ්‍යම අධිවේගී මාර්ගයේ පළමු අදියර වන කඩවත – මීරිගම කොටස 2028 අප්‍රේල් මාසයේදීජීවන බරට සහ අනිවාර්ය හමුදා සේවයට එරෙහිව ජර්මනියේ ‘Gen Z’ තරුණ නැගිටීමක්: නගර 34ක වීදි සටන්, කඩසාප්පු කොල්ලකෑම් සහ ගිනි තැබීම්මධ්‍යම අප්‍රිකානු ජනරජයේ සාර්ථක ප්‍රාණඇපකරුවන් මුදාගැනීමේ මෙහෙයුමකට ශ්‍රී ලංකා ගුවන් හමුදා දායකත්වයක්හම්බන්තොට ජාත්‍යන්තර වරායේ රථගාලකට අකුණු සැර වැදීමෙන් ආනයනික වාහන 11කට හානි
ප්‍රවෘත්ති

නව පනත යටතේ ‘අයිස්’ මත්ද්‍රවය ළඟ තබාගැනීම සඳහා මරණ දඬුවම…

නව පනත යටතේ ‘අයිස්’ මත්ද්‍රවය ළඟ තබාගැනීම සඳහා මරණ දඬුවම…

ශ්‍රී ලංකාව තුළ අයිස් ග්‍රෑම් 5කට වැඩි ප්‍රමාණයක් ළඟ තබා ගැනීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වන ඕනෑම පුද්ගලයකුට මරණ දණ්ඩනය පැනවීමේ බලය ශ්‍රේෂ්ඨාධිකරණයට දැන් පැවරී ඇති බව අධිකරණ හා බන්ධනාගාර කටයුතු රාජ්‍ය අමාත්‍ය අනුරාධ ජයරත්න මහතා පවසයි.

2022 අංක 41 දරන වස විස, අබිං සහ අන්තරායකර ඖෂධ (සංශෝධන) පනත යටතේ අධිකරණය වෙත බලතල පවරා ඇති බව රාජ්‍ය අමාත්‍යවරයා පැවසීය.

“ප්‍රමාණය සන්තකයේ තිබියදීත් පෙර නීතිය ක්‍රියාත්මක වූයේ හෙරොයින් සම්බන්ධයෙන් පමණි,” ඔහු පැහැදිලි කළේය.

පාසල් සිසුන් සතුව අයිස් ග්‍රෑම් 5 කට වැඩි ප්‍රමාණයක් ඇති බවට අනාවරණය වුවහොත් ඔවුන් ළමා රැඳවුම් මධ්‍යස්ථාන වෙත යොමු කර ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තීරණය කරනු ලබන බව රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

යහපත් ජාතියක් බිහිකර අනාගත පරපුර රැකගැනීමට අවශ්‍ය නම් දරුවන්ගේ කටයුතු පිළිබඳව අවධානයෙන් පසුවන ලෙසද අධිකරණ රාජ්‍ය අමාත්‍ය අනුරාධ ජයරත්න දෙමාපියන්ගෙන් ඉල්ලා සිටියා.

ඔබේ අදහස

Your email address will not be published. Required fields are marked *