මේ වසරේ ජනවාරි 1 වන දින සිට මැයි 15 වන දින දක්වා කාලය තුළ වන අලි මරණ 128 ක් වාර්තා වී ඇති බව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි.
නවතම දත්ත වලට අනුව, වෙඩි තැබීම් හේතුවෙන් අලි ඇතුන් 20 ක් මිය ගිය අතර, විදුලි සැර වැදීමෙන් මරණ 15 ක් සිදුවී ඇත.
‘හක්කපටස්’ ආහාරයට ගැනීමෙන් අලි ඇතුන් 10 දෙනෙකු මිය ගිය බවත්, වගා ළිංවලට වැටීමෙන් තවත් පස් දෙනෙකු මිය ගිය බවත් දෙපාර්තමේන්තුව පවසයි.
ඊට අමතරව, විෂ වීම, දුම්රියේ ගැටීම සහ දියේ ගිලීම හේතුවෙන් අලි මරණ කිහිපයක් වාර්තා විය.
වැඩිම වන අලි මරණ සංඛ්‍යාවක් නැගෙනහිර කලාපයෙන් වාර්තා විය. පොළොන්නරුව සහ අනුරාධපුර වනජීවී කලාපවලින් ද මරණ වාර්තා විය.
මේ අතර, වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව පෙන්වා දෙන්නේ මෙම වසරේ මේ දක්වා වන අලි ප්‍රහාර හේතුවෙන් මිනිස් මරණ 35 ක් ද වාර්තා වී ඇති බවයි.

