ජනපති පළාත් පාලන මැතිවරණ ප්‍රචාරණයෙන් ඈත් වෙයි.

මේ වසරේ යම් කාලයක් පැවැත්වීමට බලාපොරොත්තු වන පළාත් පාලන මැතිවරණයේ කිසිදු ප්‍රචාරක කටයුත්තකට තමන් සහභාගි නොවන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතික පක්ෂයට නිල වශයෙන් දැනුම් දී තිබේ.

තමන් වසර දෙකකට ජනාධිපති ධුරයට පත් කළේ මැතිවරණයකට යාමට නොව කඩා වැටී ඇති ආර්ථිකය යළි නගා සිටුවීමට බව ජනාධිපතිවරයා පවසයි. “මේ ජනවරමට පිටින් මට මේක කරන්න බෑ,” ඔහු එජාප ජ්‍යෙෂ්ඨයන් සමඟ පැවති හමුවකදී පැවසීය.

මැතිවරණයට ඉදිරිපත් වීමට තීරණය කළහොත් පක්ෂයට තීරණ ගැනීමට හැකිවන පරිදි පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේ මුලසුන පමණක් තමන් දරන බව ඔහු එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යෙෂ්ඨයින්ට වැඩිදුරටත් දන්වා තිබුණි.

“පළාත් පාලන මැතිවරණයට එජාපය සියයට 40ක් අලුත් මුහුණු ඉදිරිපත් කරනවා නම් හොඳයි,” ඔහු පැවසීය.

එමෙන්ම මෙවර මුදල් වෙන් කරන්නේ පළාත් පාලන සභිකයින් 4000කට පමණක් බවද ඔහු දන්වා සිටියා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *