Friday, October 30, 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

උණුසුම් පුවත්
වසර තුනකදී රුපියල් බිලියන 249ක දැවැන්ත මත්ද්‍රව්‍ය තොගයක් පොලිස් දැලට“ඔයාලගේ රටවල පාස්පෝට් තියෙන අයට ලැබෙන්නේ ඔහොම සැලකිලි තමයි!”: ඩබ්ලින් ගුවන්තොටුපොළේදී Ryanair කාර්ය මණ්ඩලය කළ ජාතිවාදී ප්‍රහාරය ගැන සංගක්කාරගෙන් සැර හෙළිදරව්වක්!ඌව වෙල්ලස්ස සරසවියේ නව උපකුලපති ධුරයට මහාචාර්ය එච්.එම්.ජේ.සී. පිටවලහෝමාගම පොලිස් අත්අඩංගුවේදී සැකකරු මියගියේ පහරදීමකින් සිදුවූ තුවාල නිසා බවට විශ්වාස කෙරේ; නිල ක්‍රියාපටිපාටිය උල්ලංඝනය වූ බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා පිළිගනී“බෝ නොවන රෝග පරදවන්න ක්‍රීඩා සංස්කෘතියක් හදන්න; ඇවිදින මංතීරුවලින් උපරිම වැඩ ගන්න”: 2027 අයවැයට පෙර ජනපති අනුර කුමාරගෙන් විශේෂ උපදෙස් මාලාවක්පාතාල බිරිඳගෙන් කෝටි 12ක අල්ලස් ගත් සිද්ධිය: හිටපු ඇමැති විජයදාසගේ පුත් රඛිතගේ බැංකු ගිණුම් සහ සුපිරි වාහන අල්ලස් කොමිසමෙන් තහනම් කරයි“KDU රෝහල රජයේ එකක්ද? පුද්ගලික එකක්ද? ” – ඇඳන් 800ක රෝහල භාවිත නොකිරීම සහ රුපියල් ලක්ෂ 84ක තඹ පටි සොරකම ගැන කෝප් කමිටුවෙන් උපදෙස්“ඩොක්ටර්ස්ලාට හොරෙන් අපස්මාර බෙහෙත් නවත්තන්න කිව්වේ ChatGPT”: ඇමසන් ඉංජිනේරුවරියකගේ අභිරහස් මරණයෙන් පසු OpenAI සමාගමට එරෙහිව දැවැන්ත නඩුවක්යෝජිත ත්‍රස්ත විරෝධී සහ සංවිධානාත්මක අපරාධ පනත් කෙටුම්පත් විධිමත් සමාලෝචනයකට ලක්කරන්නැයි ලංකා වාණිජ මණ්ඩලය රජයෙන් ඉල්ලයිඉන්දීය නාවික හමුදාවේ පළමු පුහුණු බලඝණයට අයත් නෞකා ත්‍රිත්වය නිල සංචාරය නිමාකර දිවයිනෙන් පිටත්ව යයි
ප්‍රවෘත්ති

ජනපති පළමු විදෙස් සංචාරය අරඹයි – පිටත්ව ගියේ සාමාන්‍ය මගී පර්‍යන්තයෙන්

ජනපති පළමු විදෙස් සංචාරය අරඹයි – පිටත්ව ගියේ සාමාන්‍ය මගී පර්‍යන්තයෙන්

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ධූරයට පත්ව සිදුකරන පළමු විදෙස් සංචාරය අරඹමින් දෙදින රාජ්‍ය සංචාරයක් සඳහා ඉන්දියාව බලා පිටත්ව ගියේය.

අද පස්වරු 2.05ට පමණ කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ සිට යූ.එල්.195දරණ යානයෙන් ජනාධිපතිවරයා ඉන්දියාවේ නවදිල්ලි නුවර බලා පිටත්ව ගිය බව වාර්තා වේ.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සංචාරය සඳහා ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී ජයසුන්දර, විදේශ කටයුතු අමාත්‍යංශ ලේකම් රවිනාත් ආරියසිංහ, භාණ්ඩාගාර ලේකම් එස්.ආර්.ආටිගල, ජනාධිපති උපදේශ ලලිත් වීරතුංග සහ ජනාධිපති පෞද්ගලික ලේකම් සුගීෂ්වර බණ්ඩාර යන මහත්වරු සහභාගී වී සිටිති.

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ ආරාධනයක් මත ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මෙම සංචාරයේ නිරත වන අතර සිය දෙදින රාජ්‍ය සංචාරය තුළදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉන්දීය ජනාධිපතිවරයා සහ අගමැතිවරයා සමඟ මෙන්ම ඉන්දීය රජයේ ඉහළ පෙළේ නියෝජිතයින් සමඟ ද සාකච්ඡා පැවැත්වීමට නියමිත ඇත.

කටුනායක ගුවන් තොටුපොළේ සාමාන්‍ය මගී පර්යන්තයෙන් ඒ මහතා පිටත්ව ගිය බවත් වාර්තා වේ.

ඔබේ අදහස

Your email address will not be published. Required fields are marked *