විපක්ෂ නායක රනිල් යැයි කථානායක පිළිගනී

පාර්ලිමේන්තුවේ මින් ඉදිරියට විපක්ෂ නායකවරයා ලෙස පිළිගන්නේ එක්සත් ජාතික පෙරමුණේ නායක, හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා බව කථානායක කරු ජයසූරිය මහතා ප්‍රකාශ කරයි.

කථානායකවරයා සිය නිල ට්විටර් ගිණුමේ සටහනක් තබමින් මේ බව සඳහන් කර තිබේ. ඒ මහතා සිය ට්විටර් පණිවිඩය මඟින් වැඩිදුරටත් පෙන්වා දී ඇත්තේ  පාර්ලිමේන්තු සම්ප්‍රදායන්ට ගරු කරමින් එලෙස සිදු කර ඇති බවයි.

මේ අතර පාර්ලිමේන්තු සැසි වාරය අහෝසි කරමින් නව සැසිවාරයක් කැඳවීමට ජනාධිපතිවරයාට ඇති බලතල අනුව නුදුරේදීම සැසිවාරය අහෝසි කරනු ඇතැයි පැවසේ. ඒ අනුව නව පාර්ලිමේන්තුව එළැඹෙන දෙසැම්බර් 10 සහ 13 අතර රැස්වීම සිදුවනු ඇතැයි දේශපාලන ආරංචි පවසයි. එහිදී නව ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා රාජාසන කථාව සිදුකිරීමටද නියමිතය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *