ජනපති අපේක්ෂක පහකට එන සතියේ නඩු

වියදම් වාර්තා ඉදිරිපත් කිරීම පැහැර හැරි ජනාධිපති අපේක්ෂකයන් 12 දෙනාගෙන් ඉතිරි පස්දෙනාට එන සතියේ නඩු පවරන බව  මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

දැනට ජනාධිපති අපේක්ෂකයන් හත් දෙනෙකුට නඩු පවරා ඇත.

එක් අපේක්ෂකයකු වියදම් වාර්තා බාරදීම අවසන් වූ දිනයේ එම වාර්තාව තැපෑලට යොමු කර ඇති හෙයින් ඔහුට නඩු නොපවරන  බව මැතිවරණ කොමිෂන් සභාවේ නිලධාරියෙක් පැවසීය.

පසුගිය ජනාධිපතිවරණයට අපේක්ෂකයෝ 38 දෙනෙක් තරඟ වැදුණහ.

වියදම්  වාර්තා ලබානොදීම මත යම් අපේක්ෂකයෙකුට නඩු පැවරුවහොත් එම අපේක්ෂකයාට පළාත් සභා හෝ පළාත් පාලන ඡන්ද විමසීමක අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත්වීමට හැකියාවක් නොමැති බව  මැතිවරණ කොමිෂන් සභාව අවධාරණය කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *