Friday, October 30, 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

උණුසුම් පුවත්
වසර තුනකදී රුපියල් බිලියන 249ක දැවැන්ත මත්ද්‍රව්‍ය තොගයක් පොලිස් දැලට“ඔයාලගේ රටවල පාස්පෝට් තියෙන අයට ලැබෙන්නේ ඔහොම සැලකිලි තමයි!”: ඩබ්ලින් ගුවන්තොටුපොළේදී Ryanair කාර්ය මණ්ඩලය කළ ජාතිවාදී ප්‍රහාරය ගැන සංගක්කාරගෙන් සැර හෙළිදරව්වක්!ඌව වෙල්ලස්ස සරසවියේ නව උපකුලපති ධුරයට මහාචාර්ය එච්.එම්.ජේ.සී. පිටවලහෝමාගම පොලිස් අත්අඩංගුවේදී සැකකරු මියගියේ පහරදීමකින් සිදුවූ තුවාල නිසා බවට විශ්වාස කෙරේ; නිල ක්‍රියාපටිපාටිය උල්ලංඝනය වූ බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා පිළිගනී“බෝ නොවන රෝග පරදවන්න ක්‍රීඩා සංස්කෘතියක් හදන්න; ඇවිදින මංතීරුවලින් උපරිම වැඩ ගන්න”: 2027 අයවැයට පෙර ජනපති අනුර කුමාරගෙන් විශේෂ උපදෙස් මාලාවක්පාතාල බිරිඳගෙන් කෝටි 12ක අල්ලස් ගත් සිද්ධිය: හිටපු ඇමැති විජයදාසගේ පුත් රඛිතගේ බැංකු ගිණුම් සහ සුපිරි වාහන අල්ලස් කොමිසමෙන් තහනම් කරයි“KDU රෝහල රජයේ එකක්ද? පුද්ගලික එකක්ද? ” – ඇඳන් 800ක රෝහල භාවිත නොකිරීම සහ රුපියල් ලක්ෂ 84ක තඹ පටි සොරකම ගැන කෝප් කමිටුවෙන් උපදෙස්“ඩොක්ටර්ස්ලාට හොරෙන් අපස්මාර බෙහෙත් නවත්තන්න කිව්වේ ChatGPT”: ඇමසන් ඉංජිනේරුවරියකගේ අභිරහස් මරණයෙන් පසු OpenAI සමාගමට එරෙහිව දැවැන්ත නඩුවක්යෝජිත ත්‍රස්ත විරෝධී සහ සංවිධානාත්මක අපරාධ පනත් කෙටුම්පත් විධිමත් සමාලෝචනයකට ලක්කරන්නැයි ලංකා වාණිජ මණ්ඩලය රජයෙන් ඉල්ලයිඉන්දීය නාවික හමුදාවේ පළමු පුහුණු බලඝණයට අයත් නෞකා ත්‍රිත්වය නිල සංචාරය නිමාකර දිවයිනෙන් පිටත්ව යයි
ප්‍රවෘත්ති

ජනපතිවරණයට නිවැරදි පාර ඥානසාර හිමියෝ පෙන්වති

ජනපතිවරණයට නිවැරදි පාර ඥානසාර හිමියෝ පෙන්වති

ම‍ෙවර ජනාධිපතිවරණයේදී ජනතාව කොටි බිය නැතිව පාරේ ගමන් කිරීමට කල්පනාකාරී වියයුතු බව බොදුබල සේනා සංවිධානයේ මහලේකම් ගලගොඩඅත්තේ
ඥානසාර හිමියෝ පැවසූහ.
2015 වසරේදී බලයට පැමිණි පුද්ගලයන් යහපාලනය ගෙන එන බව පවසා දේශපාලන බලය ලබාගෙන එක දවසින් මුළු රටේම ආර්ථිකය බිඳවැට්ටූ බවද උන්වහන්සේ සඳහන් කළහ.
2015දී ආණ්ඩු පෙරළියට දායක වූ අන්තවාදී මත දරන ත්‍රස්ත කල්ලි නියෝජනය කරන පුද්ගලයන් මෙවර ජනාධිපතිවරණයේදී යළි එක්ව සිටින බවද එ් හිමියෝ පෙන්වා ද‍ෙති. කෑගල්ල, වට්ටාරම රජමහා විහාරයේදී පසුගියදා
(27දා) පැවැති බොදු සමුළුවක් අමතමින් උන්වහසේ මේ බව පැවසූහ.
වැඩිදුරටත් අදහස් දැක්වූ ඥානසාර හිමියෝ මෙසේ පැවසූහ.
“අන්තවාදී මත දරන ත්‍රස්ත කල්ලි නියෝජනය
කරන පුද්ගලයන් 2015දී ආණ්ඩු පෙරළියට දායක වූ බව මම ඒ දිනවල හෙළි කළා. එදා හයිඩ් පාර්ක් පිටියේදී අපි කිව්වා ලෝකයම භීතියට පත් කරන මතවාද සහිත ත්‍රස්ත කල්ලි නියෝජනය කරන ආගමික මතවාද සහිත කණ්ඩායම් මෙන්න ඇවිල්ලා ඉන්නවා. මෙම කොටසක් අකුරණ ඉන්නවා. කොටසක් කාත්තන්කුඩියේ ඉන්නවා. තව කොටසක් කොළඹ ඉන්නවා. අපි නම් ටික කිව්වා. යහපාලනය සඳහා පෙරමුණු 07ක් ඔවුන් නිර්මාණය කර තිබුණා. මේ ඔක්කොම එදා උදාවි කෙරුවේ යහපාලන ආණ්ඩුවට ගෙන. ඒක ඇතුළෙ දේශපාලන බලය ලබාගෙන ඒක දවසින් මුළු රටේම ආර්ථිකය බිඳවැට්ටුවා. සංචාරක ව්‍යාපාරය බිඳ වැටුණා. ඒ විදියට ආර්ථිකය බිඳ වට්ටන්න මරාගෙන මැරෙන ප්‍රහාර එල්ල කිරීම සඳහා ඉස්ලාමික අන්තවාදී බලවේග දුර්වල ආණ්ඩුවක් කෙරුවා.

ඒ දුර්වල ආණ්ඩුව ත්‍රස්ත කල්ලි පෝෂණය කර ඔවුන්ට ඕනෑ විදිහට වැඩෙන්න ඉඩ දුන්නා. එහි අවසාන ප්‍රතිඵලය ලෙස පුදබිමක මිනිස් ජීවිත 300කට ආසන්න ප්‍රමාණයක් අහිමි වුණා. තවමත් ආබාධිත දරුවන් රෝහල්වල ඉන්නවා. ආණ්ඩුව දුර්වලයි. ඒ අයට ඕන බලය. දේශපාලන බලයට මුවා වුණා. 2015 යහපාලනය ගෙන එන්න වැඩ කළ කල්ලි කණ්ඩායම් මේ වතාවෙත් ජනාධිපතිවරණයට උදව් කරමින් සිටිනවා. 2015 යහපාලන ආණ්ඩුව ගේන්න වැඩ කරපු සිද්ධික් ෆාරුක්ලා, නජාඩි මොහොමඩ්ලා, රිෂාඩ් බදියුදීන් වැනි අය උදව් කරනවා. ඔවුන් බලයට පැමිණියහොත් කොහොම තියේවිද? ජනාධිපතිවරණයේදී ජනතාව තීන්දුවක් ගැනීම සඳහා පාරවල් දෙකක් පෙන්නන්න පුළුවන්. මිනිසුන්ට ආදරයෙන් අපි කියනවා එක පාරක් කාපට් දාලා ඇති. ගැස්සේන්නේ නැතුව යන්න පුඵවන් ඇති. හැබැයි ඒ පාරේ කොටි ඉන්න බව මතක තියාගන්න. ඒ පාරේ විෂඝෝර සර්පයන් ඉන්න බව මතක තියාගන්න. ඒ බව අපි දැක්කා උතුරට ගියාම. ටිකක් අමාරුවෙන් ඝර සර්ප බිය නැති කළින් පාරේ යන්න. කොටි බිය නැති පාරේ යන්න. ඒක තෝරගන්න” යනුවෙන් පවසා සිටියහ.

ඔබේ අදහස

Your email address will not be published. Required fields are marked *