Friday, October 30, 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

උණුසුම් පුවත්
වසර තුනකදී රුපියල් බිලියන 249ක දැවැන්ත මත්ද්‍රව්‍ය තොගයක් පොලිස් දැලට“ඔයාලගේ රටවල පාස්පෝට් තියෙන අයට ලැබෙන්නේ ඔහොම සැලකිලි තමයි!”: ඩබ්ලින් ගුවන්තොටුපොළේදී Ryanair කාර්ය මණ්ඩලය කළ ජාතිවාදී ප්‍රහාරය ගැන සංගක්කාරගෙන් සැර හෙළිදරව්වක්!ඌව වෙල්ලස්ස සරසවියේ නව උපකුලපති ධුරයට මහාචාර්ය එච්.එම්.ජේ.සී. පිටවලහෝමාගම පොලිස් අත්අඩංගුවේදී සැකකරු මියගියේ පහරදීමකින් සිදුවූ තුවාල නිසා බවට විශ්වාස කෙරේ; නිල ක්‍රියාපටිපාටිය උල්ලංඝනය වූ බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා පිළිගනී“බෝ නොවන රෝග පරදවන්න ක්‍රීඩා සංස්කෘතියක් හදන්න; ඇවිදින මංතීරුවලින් උපරිම වැඩ ගන්න”: 2027 අයවැයට පෙර ජනපති අනුර කුමාරගෙන් විශේෂ උපදෙස් මාලාවක්පාතාල බිරිඳගෙන් කෝටි 12ක අල්ලස් ගත් සිද්ධිය: හිටපු ඇමැති විජයදාසගේ පුත් රඛිතගේ බැංකු ගිණුම් සහ සුපිරි වාහන අල්ලස් කොමිසමෙන් තහනම් කරයි“KDU රෝහල රජයේ එකක්ද? පුද්ගලික එකක්ද? ” – ඇඳන් 800ක රෝහල භාවිත නොකිරීම සහ රුපියල් ලක්ෂ 84ක තඹ පටි සොරකම ගැන කෝප් කමිටුවෙන් උපදෙස්“ඩොක්ටර්ස්ලාට හොරෙන් අපස්මාර බෙහෙත් නවත්තන්න කිව්වේ ChatGPT”: ඇමසන් ඉංජිනේරුවරියකගේ අභිරහස් මරණයෙන් පසු OpenAI සමාගමට එරෙහිව දැවැන්ත නඩුවක්යෝජිත ත්‍රස්ත විරෝධී සහ සංවිධානාත්මක අපරාධ පනත් කෙටුම්පත් විධිමත් සමාලෝචනයකට ලක්කරන්නැයි ලංකා වාණිජ මණ්ඩලය රජයෙන් ඉල්ලයිඉන්දීය නාවික හමුදාවේ පළමු පුහුණු බලඝණයට අයත් නෞකා ත්‍රිත්වය නිල සංචාරය නිමාකර දිවයිනෙන් පිටත්ව යයි
ප්‍රවෘත්ති

පාස්කු ප්‍රහාරය ජනපති අපේක්ෂකයෙක් පිට පැටවීමට උත්සාහයක් – ලොකු මුදලකුත් වැය කරලා

පාස්කු ප්‍රහාරය ජනපති අපේක්ෂකයෙක් පිට පැටවීමට උත්සාහයක් – ලොකු මුදලකුත් වැය කරලා

එළඹෙන ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත්වී සිටින ප්‍රබල ජනාධිපති අපේක්ෂකයකු වෙත පාස්කු ඉරිදා ප්‍රහාරයේ වගකීම පැටවීමේ සූදානමක සැළසුමක් සමාජ ජාලා මාධ්‍ය හරහා අනාවරණය වී ඇත.

එම සැළසුමේ තවත් පියවරක් ලෙස කටුවාපිටිය ප්‍රදේශයේ උද්ඝෝෂණයක් සංවිධානය කිරීම සඳහා අදාල සැළසුම ක්‍රියාත්මක කළ කණ්ඩායම විසින් යම් පාර්ශවයකට යම් මුදලක් ලබා දී ඇති බවටද තොරතුරු හෙළිවී ඇතැයි වාර්තා වනවා.ඒ අනුව එළඹෙන ඉරිදා දේව මෙහෙයෙන් පසු කටුවපිටිය දේවස්ථානය අසළ විරෝධතාවයක් පැවැත්වීමට අදාල මුදල් ලබා දී ඇති බවයි වාර්තා වන්නේ.

එසේම අදාළ ජනාධිපති අපේක්ෂකයා ඉලක්ක කර ගනිමින් ඔහුට එරෙහිව චෝදනා එල්ල කිරීමට සිදුකරන මෙම සූක්ෂම වැඩපිළිවෙල වෙනුවෙන් කතෝලික පූජකවරුන් යොදා ගනිමින් මාධ්‍ය සාකච්ඡා කිහිපයක් පැවැත්වීමටත්, නොවැම්බර් 01 වන සිකුරාදා දින මහජන උද්ඝෝෂණයක් පැවැත්වීමටත් කටයුතු යොදා ඇති බව සමාජ ජාල මාධ්‍ය හරහා හුවමාරුවන අදාල වාර්තාවෙන් අනාවරණය වී තිබෙනවා.
මේ අතර පසුගිය දිනවල ෆේස්බුක් ඔස්සේද මෙවැනි අදහසක් ඉස්මතිවන පරිදි පෝස්ට් නිර්මාණය කර තිබෙනු දැකිය හැකිවිය.

ඔබේ අදහස

Your email address will not be published. Required fields are marked *