ඡන්දය කට උඩ – ගෝඨාට එරෙහි මඩ වැඩ වැඩිවෙයිලු

ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහිව ඉදිරි සතියේදීත් සමාජ ජාලා ඔස්සේ මඩ ව්‍යාපාරයක් දියත් කිරිමට නියමිත බව ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පවසයි.

රත්මලානේ පැවති ජනහමුවකට එක්වෙමින් මන්ත්‍රීවරයා මෙම අදහස් ප්‍රකාශ කළේය.

ඉදිරි සතියේ 14 හා 15 දිනවල මෙම මඩ ප්‍රචාරය සිදු විය හැකි බවත් විශේෂයෙන්ම Whatsapp, Viber වැනි යෙදවුම් සියල්ල සල්ලිවලට ගෙන ඒ ඔස්සේ මඩ ගැසීමටත් අවසන් දවස් දෙකේ ව්‍යාජ පුවත් මවා මිනිසුන්ගේ ඔළු අවුල් කිරීමේ සූදානමක් ඇති බවත් ඒ මහතා කියා සිටියේය.

Leave a Reply

Your email address will not be published.