චීන විදේශ අමාත්‍ය වැන්ග් යී 2022 ජනවාරි 8 සිට 9 දක්වා ශ්‍රී ලංකාවේ නිල සංචාරයක නිරත වනු ඇත.
චීන – ශ්‍රී ලංකා රාජ්‍යතාන්ත්‍රික සබඳතාවල 65 වැනි සංවත්සරය සැමරීම සඳහා විදේශ අමාත්‍ය වැන්ග් යී ශ්‍රී ලංකාවට පැමිණෙන බව කොළඹ පිහිටි චීන තානාපති කාර්යාලය ප්‍රකාශ කළේය.
මෙම සංචාරය දිවයින පුරා පිහිටි පෞද්ගලික අංශයේ ආයෝජන රැසක් පිළිබඳව සොයා බැලීම සඳහා චීන විදේශ අමාත්‍යවරයාගේ සුහද හමුවක් වනු ඇති බව වාර්තා වේ.
චීන විදේශ අමාත්‍ය වැන්ග් යීගේ සංචාරය ශ්‍රී ලංකාව ආර්ථික අර්බුදයකට මුහුණ දී සිටින අවස්ථාවකයි.
ශ්‍රී ලංකාව 2018 දී චීන සංවර්ධන බැංකුවෙන් ඩොලර් බිලියනයක විදේශ මුදල් කාලීන මූල්‍ය පහසුකම් (FTFF) ලබා ගත් අතර 2020 මාර්තු මාසයේදී තවත් ඩොලර් මිලියන 500 ක් ලබා ගත්තේය.
2021 අප්‍රේල් මස මුලදී, FTFF ලෙස ඩොලර් මිලියන 500ක් ලබා ගැනීමට ශ්‍රී ලංකාව CDB සමඟ ගිවිසුමක් අත්සන් කළේය.
පසුගිය සතියේ (20) මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් කියා සිටියේ ශ්‍රී ලංකාව චීනයේ මහජන බැංකුව සමඟ ඩොලර් බිලියන 1.5 කට සමාන Renminbi හුවමාරුවක් ලබා ගත හැකි බවයි.