චීන ජාතික කාන්තාවක් දූෂණය කිරීමේ චෝදනා එල්ලවූ “රත්තරං”ට ඇප

චීන ජාතික කාන්තාවක් දූෂණය කිරිමේ චෝදනා යටතේ ගාල්ල පොලිසියේ ළමා හා කාන්තා කාර්යංශය විසින් ඊයේ (05) දිනයේ අත්අඩංගුවට ගැණුනු දකුණු පළාත් සභාවේ එක්සත් ජනතා නිදහස් සන්ධාන හිටපු මන්ත්රී ක්රිෂාන්ත පුෂ්ප කුමාර හෙවත් “රත්තරං” සහ ඔහුගේ රියදුරුවන විතානගේ කැලුම් සමිර හෙවත් සුදා යන සැකකරුවන් අප මත මුදා හැරිමට ගාල්ල අතිරේක මහේස්ත්රාත් පවිත්රා සංජීවනි පතිරණ මහත්මිය නියෝග කළාය.
ඒ අනුව එක් අයෙකු රුපියල් දස දහසක මුදල් ඇපයක් සහ රුපියල් ලක්ෂ පහ බැගින්වූ ශරිර ඇප දෙකක් මත ඔවුන් මුදා හැරුණු අතර සැකකරුවන්ගේ විදේශ ගමන් බලපත්ර අධිකරණය බාරයට ගැනිමටද අතිරේක මහේස්ත්රාත්වරිය නියෝග කළාය. මේ පිළිඹද වැඩිදුර විභාගය 18 වැනි දිනට කල් තැබීය.
