චීනයේ වුහාන් වෙත ගිය ශ්‍රී ලන්කන් කාර්ය මණ්ඩලයට ජනපතිගේ පැසසුම්

කොරෝනා වයිරසය ආරම්භ වූ, පැතිරයාම නිසා වසා දමනු ලැබූ චීනයේ වූහාන් නගරයේ සිරවී සිටි ශ්‍රී ලාංකික සිසුන් නැවතත් තම මව්බිමට රැගෙන ඒම සඳහා දිවි හිමියෙන් කැපවූ ශ්‍රී ලංකන් ගුවන් සේවයේ කාර්ය මණ්ඩලය අද (03) ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ ඇගයීමට ලක්විය. ජනාධිපති වරයාගේ විශේෂ ආරාධනයට අනුව ඔවුහු අද (03) ජනාධිපති කාර්යාලයේ දී භෝජන සංග්‍රහයකට ද එක්වූහ.

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ සභාපති අශෝක් පතිරගේ මහතා, අධ්‍යක්‍ෂ මණ්ඩලය සහ මෙහෙයුමට එක් වූ ගුවන් නියමුවන්, ඉංජිනේරුවන් හා කාර්ය මණ්ඩලය මෙහිදී ජනාධිපතිවරයාගේ ඇගැයීමට ලක් වූ අතර මෙම කරතව්‍යයට එක් වූ සියලුම දෙනා රට වෙනුවෙන් කළ කැපවීම සෑම ක්ෂේත්‍රයකටම වැදගත් ආදර්ශයක් බව ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා මෙහිදී පැවසීය. එමෙන්ම ගුවන් නියමුවාගේ සිට සියලුම දෙනා එකම අරමුණකින් ක්‍රියා කළ බවද කී ජනාධිපතිවරයා ඔවුන්ගේ කැපවීම හා ධෛර්යය හේතුවෙන් ශ්‍රී ලංකන් ගුවන් සේවයේ නම ඉතිහාසයට එක් වූ බව ද සඳහන් කළේය.

ඉදිරියේදී ශ්‍රී ලංකන් ගුවන් සේවය උසස් තලයකට ගෙන යාමටත්, ලොව ප‍්‍රධාන ගුවන් සමාගම් සමඟ සමසේ නැගී සිටිය හැකි ආයතනයක් බවට පත් කිරිමටත් තම සම්පූර්ණ සහයෝගය ලබා දෙන බව ද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මෙහිදී පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *