Friday, October 30, 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

උණුසුම් පුවත්
වසර තුනකදී රුපියල් බිලියන 249ක දැවැන්ත මත්ද්‍රව්‍ය තොගයක් පොලිස් දැලට“ඔයාලගේ රටවල පාස්පෝට් තියෙන අයට ලැබෙන්නේ ඔහොම සැලකිලි තමයි!”: ඩබ්ලින් ගුවන්තොටුපොළේදී Ryanair කාර්ය මණ්ඩලය කළ ජාතිවාදී ප්‍රහාරය ගැන සංගක්කාරගෙන් සැර හෙළිදරව්වක්!ඌව වෙල්ලස්ස සරසවියේ නව උපකුලපති ධුරයට මහාචාර්ය එච්.එම්.ජේ.සී. පිටවලහෝමාගම පොලිස් අත්අඩංගුවේදී සැකකරු මියගියේ පහරදීමකින් සිදුවූ තුවාල නිසා බවට විශ්වාස කෙරේ; නිල ක්‍රියාපටිපාටිය උල්ලංඝනය වූ බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා පිළිගනී“බෝ නොවන රෝග පරදවන්න ක්‍රීඩා සංස්කෘතියක් හදන්න; ඇවිදින මංතීරුවලින් උපරිම වැඩ ගන්න”: 2027 අයවැයට පෙර ජනපති අනුර කුමාරගෙන් විශේෂ උපදෙස් මාලාවක්පාතාල බිරිඳගෙන් කෝටි 12ක අල්ලස් ගත් සිද්ධිය: හිටපු ඇමැති විජයදාසගේ පුත් රඛිතගේ බැංකු ගිණුම් සහ සුපිරි වාහන අල්ලස් කොමිසමෙන් තහනම් කරයි“KDU රෝහල රජයේ එකක්ද? පුද්ගලික එකක්ද? ” – ඇඳන් 800ක රෝහල භාවිත නොකිරීම සහ රුපියල් ලක්ෂ 84ක තඹ පටි සොරකම ගැන කෝප් කමිටුවෙන් උපදෙස්“ඩොක්ටර්ස්ලාට හොරෙන් අපස්මාර බෙහෙත් නවත්තන්න කිව්වේ ChatGPT”: ඇමසන් ඉංජිනේරුවරියකගේ අභිරහස් මරණයෙන් පසු OpenAI සමාගමට එරෙහිව දැවැන්ත නඩුවක්යෝජිත ත්‍රස්ත විරෝධී සහ සංවිධානාත්මක අපරාධ පනත් කෙටුම්පත් විධිමත් සමාලෝචනයකට ලක්කරන්නැයි ලංකා වාණිජ මණ්ඩලය රජයෙන් ඉල්ලයිඉන්දීය නාවික හමුදාවේ පළමු පුහුණු බලඝණයට අයත් නෞකා ත්‍රිත්වය නිල සංචාරය නිමාකර දිවයිනෙන් පිටත්ව යයි
ප්‍රවෘත්ති

චීනයේ පැතිරෙන අභිරහස් වෛරසය සම්බන්ධව සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් උපදෙස්

චීනයේ පැතිරෙන අභිරහස් වෛරසය සම්බන්ධව සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් උපදෙස්

චීනයේ පැතිර යන කොරෝනා වෛරසයක් බවට සැලකෙන වෛරස් රෝගී තත්ත්වය හේතුවෙන් මෙරට සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් චීනයේ සංචාරය කරන ශී‍්‍ර ලාංකිකයින්ට උපදෙස් මාලාවක් නිකුත් කර තිබෙනවා.

“මනා සෞඛ්‍ය පුරුදු අනුගමනය කළ යුතු අතර ඒ සඳහා කහින විට හා කිවිසින විට ලේන්සුවකින් මුව ආවරණය කිරීම, දෑත් නිතර සබන් යොදා සෝදා පිරිසිදුව තබා ගැනීම, නිතර මුහුණ හා නාසය ඇල්ලීමෙන් වැළකීම හා ජනාකීර්ණ ස්ථානයන්හි අනවශ්‍ය ලෙස ගැවසීම අවම කිරීම සුදුසුවේ. විශේෂයෙන්ම කුඩා දරුවන්, ගර්භනී මව්වරුන් සහ වැඩිහිටියන් අධික තදබදය පවතින ජනාකීර්ණ ප‍්‍රදේශවල අනවශ්‍ය ලෙස ගැවසීම සහ ගමන්බිමන් යාම අවම කිරීම මගින් මෙම රෝගය පැතිරීම පාලනය කරගත හැකිය.”

චීනය තුල පැතිර යමින් ඇති මෙම අභිරහස් වෛරසයෙන් උහාන් ප්‍රාන්තයේ දෙදෙනෙක් මියගොස් ඇති අතර එයට ගොදුරු වී ඇති පිරිස 45 පමණ බවයි බලධාරින් ප්‍රකාශ කර සිටින්නේ. කෙසේ වෙතත් ලන්ඩනයේ ඉම්පීරියල් කොලේජ් විසින් කරන ලද අධ්‍යයනයකින් හෙළි වී ඇත්තේ ජනවාරි 12 වන විටත් පුද්ගලයින් 1,723 ක් ආසාදනය වී ඇති බවයි. මිට අමතරව මේ වන විට තායිලන්තයෙන් රෝගීන් දෙදෙනෙක් හා ජපානයෙන් එක් රෝගියකුද වාර්තා වී තිබෙනවා.

මෙරට සෞඛ්‍ය අමාත්‍යාංශය පැවසුවේ එම තත්ත්වය පිළිබද ලෝක සෞඛ්‍ය සංවිධානය නිකුත් කරන දැනුම්දීම් පිළිබදව අවදානයෙන් පසු වන බවයි. මේ පිළිබද දැඩි සැලකිල්ලකින් පසුවන බවත් එවැනි අවදානම් තත්ත්වයක් මතුවුවහොත් ඊට කඩිනම් කි‍්‍රයාමාර්ග ගැනීමට කටයුතු කරන බවද සෞඛ්‍ය අමාත්‍යාංශය ප‍්‍රකාශ කළා.

එමෙන්ම අමෙරිකාව සහ ඉන්දියාවද චීනයේ සංචාරය කිරීමේදී සැලකිලිමත් වන ලෙස සිය වැසියන්ට අනතුරු ඇගවීම් නිකුත් කර තිබෙන අතර අමෙරිකානු ගුවන් තොටුපල 3 කදි චීන සංචාරකයින් දැඩි පරික්ෂාවකට ලක් කෙරෙනවා. එමෙන්ම සිංගප්පූරුව සහ හොංකොං රාජ්‍යද චීනයේ උහාන් ප‍්‍රදේශයේ සිට පැමිණෙන සංචාරකයින් දැඩි පරික්ෂාවකට ලක් කෙරෙන බවට වාර්තා වෙනවා.

වෛරසයේ ව්‍යාප්තිය සම්බන්ධයෙන් අවධානයෙන් පසුවන ලෙසයි ලෝක සෞඛ්‍ය සංවිධානය ආසියානු රටවලට අනතුරු අගවා ඇත්තේ.

ඔබේ අදහස

Your email address will not be published. Required fields are marked *