Friday, October 30, 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

උණුසුම් පුවත්
වසර තුනකදී රුපියල් බිලියන 249ක දැවැන්ත මත්ද්‍රව්‍ය තොගයක් පොලිස් දැලට“ඔයාලගේ රටවල පාස්පෝට් තියෙන අයට ලැබෙන්නේ ඔහොම සැලකිලි තමයි!”: ඩබ්ලින් ගුවන්තොටුපොළේදී Ryanair කාර්ය මණ්ඩලය කළ ජාතිවාදී ප්‍රහාරය ගැන සංගක්කාරගෙන් සැර හෙළිදරව්වක්!ඌව වෙල්ලස්ස සරසවියේ නව උපකුලපති ධුරයට මහාචාර්ය එච්.එම්.ජේ.සී. පිටවලහෝමාගම පොලිස් අත්අඩංගුවේදී සැකකරු මියගියේ පහරදීමකින් සිදුවූ තුවාල නිසා බවට විශ්වාස කෙරේ; නිල ක්‍රියාපටිපාටිය උල්ලංඝනය වූ බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා පිළිගනී“බෝ නොවන රෝග පරදවන්න ක්‍රීඩා සංස්කෘතියක් හදන්න; ඇවිදින මංතීරුවලින් උපරිම වැඩ ගන්න”: 2027 අයවැයට පෙර ජනපති අනුර කුමාරගෙන් විශේෂ උපදෙස් මාලාවක්පාතාල බිරිඳගෙන් කෝටි 12ක අල්ලස් ගත් සිද්ධිය: හිටපු ඇමැති විජයදාසගේ පුත් රඛිතගේ බැංකු ගිණුම් සහ සුපිරි වාහන අල්ලස් කොමිසමෙන් තහනම් කරයි“KDU රෝහල රජයේ එකක්ද? පුද්ගලික එකක්ද? ” – ඇඳන් 800ක රෝහල භාවිත නොකිරීම සහ රුපියල් ලක්ෂ 84ක තඹ පටි සොරකම ගැන කෝප් කමිටුවෙන් උපදෙස්“ඩොක්ටර්ස්ලාට හොරෙන් අපස්මාර බෙහෙත් නවත්තන්න කිව්වේ ChatGPT”: ඇමසන් ඉංජිනේරුවරියකගේ අභිරහස් මරණයෙන් පසු OpenAI සමාගමට එරෙහිව දැවැන්ත නඩුවක්යෝජිත ත්‍රස්ත විරෝධී සහ සංවිධානාත්මක අපරාධ පනත් කෙටුම්පත් විධිමත් සමාලෝචනයකට ලක්කරන්නැයි ලංකා වාණිජ මණ්ඩලය රජයෙන් ඉල්ලයිඉන්දීය නාවික හමුදාවේ පළමු පුහුණු බලඝණයට අයත් නෞකා ත්‍රිත්වය නිල සංචාරය නිමාකර දිවයිනෙන් පිටත්ව යයි
ප්‍රවෘත්ති

චමින්ද විජේසිරි සිර දඬුවමට එරෙහිව අභියාචනයක් ගොනු කරයි

චමින්ද විජේසිරි සිර දඬුවමට එරෙහිව අභියාචනයක් ගොනු කරයි

සමගි ජන බලවේගයේ (SJB) පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා තමන්ට නියම කළ වසර එකහමාරක සිර දඬුවම අවලංගු කර නිදොස් කොට නිදහස් කරන ලෙස ඉල්ලා බදුල්ල මහාධිකරණයේ අභියාචනයක් ගොනු කර තිබේ.

එම අභියාචනය අභියාචනාධිකරණය වෙත යොමු කරන ලෙස මහාධිකරණයෙන් ඉල්ලා ඇති විජේසිරි මහතා, අභියාචනය විභාග කර තීරණය කරන තෙක් ඇප ලබා දෙන ලෙසද ඉල්ලීමක් කර ඇත.

පොදු මාර්ගයක නීතිවිරෝධී ලෙස ගමනාගමනය අවහිර කිරීම, පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට පහරදී තුවාල සිදුකිරීම සහ මරණ තර්ජන කිරීම යන චෝදනාවලට වරදකරු කරමින් බදුල්ල මහාධිකරණය අඟහරුවාදා (29) විජේසිරි මහතාට වසර එකහමාරක සිර දඬුවමක් නියම කළේය.

මෙම නඩුවට පාදක වී ඇත්තේ 2019 වසරේ සිදුවූ සිද්ධියකි. එහිදී පොලිස් ජීප් රථයක් මන්ත්‍රීවරයා ගමන් කළ වාහනය පසුකර යාමෙන් පසු ඇති වූ බහින්බස් වීමක් දුරදිග ගොස් ගැටුමක් ඇති වූ බව පැමිණිල්ලේ සඳහන් විය.

එම ගැටුමේදී පොලිස් නිලධාරීන්ට පහරදී තර්ජනය කළ බවට නඩු පවරා තිබුණි.

ජනාධිපති නීතිඥ අනුජ ප්‍රේමරත්න මහතා ඇතුළු නීතිඥ කණ්ඩායමක් විසින් චමින්ද විජේසිරි මහතා වෙනුවෙන් මෙම අභියාචනය ගොනු කර තිබේ.

ඔබේ අදහස

Your email address will not be published. Required fields are marked *