ගම්පහ මිනුවන්ගොඩ පැවැති ජන රැලියට එක්වෙමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු ජනපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා කියා සිටියේ ගම්පහ දිස්ත්‍රික්කය බුද්ධිය මුල්වු ඛේන්ද්රස්ථානයක් කළ යුතු බවයි. විශාල ආයෝජනයක් කර සියලුම ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට සරසවි අධ්‍යාපනයක් ලබා දෙන බවත් ඒ මහතා පැවසීය.
අති විශාල ජනකායකගේ සහභාගිත්වයෙන් මිනුවන්ගොඩ නගර මධ්‍යයේ මෙම ජනරැලිය පැවැත්විණි.
මෙහිදී අදහස් දක්වමින් මහින්ද රාජපක්ෂ මහතා කියා සිටියේ, චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය යාපනයට ගොස් ප්රභාකරන් සර් යනුවෙන් තුන්පාරක් පවසා ඇතැයි දෙමළ පුවත්පතක් වාර්තා කර තිබු බවයි. ජනතාවට දෙමළ හා සිංහල වශයෙන් වෙන් වෙන් වශයෙන් එකම කථාව විකෘති කර ලබා දී ජනතාව රැවැට්ටු එකම නායකයා සජිත් ප්‍රේමදාස මහතා බවද එහිදී මහින්ද රාජපක්ෂ මහතා පැවසීය. එහිදී නල දරු උපත් සඳහා මෙරට රජයේ රෝහල්වලදීම නොමිලේ අවස්ථාව සලසා දීමට තම රජයක් යටතේ කටයුතු කරන බවද මහින්ද රාජපක්ෂ මහතා කියා සිටියේය.