ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා සහ මැතිවරණ කොමිසන් සභාව අතර විශේෂ සාකච්ඡාවක් පවත්වා ඇතැයි වාර්තා වේ.
ගෝඨාභය රාජපක්ෂ මහතා සහ මැතිවරණ කොමිසන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතාත් අනෙකුත් සාමාජිකයින් දෙදෙනාත් එම සාකච්ඡාවට සහභාගි වී ඇති අතර එහිදී ජනාධිපතිවරණයේදී බලපාන නීතිරිති ප්‍රචාරණ කටයුතු හා ජනාධිපතිවරණය සම්බන්ධයෙන් දෙපාර්ශ්වය අතර කරුණු සාකච්ඡා කෙරුණු බවද දේශපාලන ආරංචි පවසයි.