LK reports news sinhala

ගෝඨා දිනවන මංගල රැලිය අද අනුරාධපුරයේදී

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ජනපති කරන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්‍රමුඛ සන්ධානයේ මංගල රැලිය අද(9) අනුරාධපුර සල්ගාදු ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය. විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද පස්වරු 3සිට මෙම රැලිය පැවැත්වෙන අතර ජනපතිවරණයේදී ගෝඨාභය රාජපක්ෂ මහතා ගේ ජයග්‍රහණය වෙනුවෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ අතර ගිවිසුමක් අත්සන් කිරීමටද මෙහිදී කටයුතු යොදා ඇත.

ඒ අනුව ශ්‍රීලනිප මන්ත්‍රීවරුන් පිරිසක්ද ගෝඨාභය මහතාට සහා පළකරමින් මෙහිදී වේදිකාවට ගොඩවීමට නියමිත බව දේශපාලන ආරංචි පවසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *