මෙවර ජනාධිපතිවරණයේ ප්‍රධාන ජනාධිපතිධුර අපේක්ෂකයින් දෙදෙනාගෙන් අයකු වන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධූර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා නුගේගොඩ ශ්‍රී විවේකාරාම විහාරස්ථානයේ ඡන්ද මධ්‍යස්ථානයේදී අද(16) උදෑසන 08.00ට පමණ සිය ඡන්දය ප්‍රකාශ කළේය.
නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජානාධිපතිධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා තිස්සමහාරාම වීරවිල සුරනිමල ප්‍රාථමික විදුහලේ ස්ථාපිත ඡන්ද මධ්‍යස්ථානයේදී අද පෙරවරු 7.15ට පමණ සිය ඡන්දය ප්‍රකාශ කර තිබේ.