ගෝඨාභයට මුස්ලිම් ජනතාවගෙන්ද උණුසුම් ප්‍රතිචාර

අසත්‍ය ප්‍රචාර සිදුකරමින් මුස්ලිම් ජනතාව තවදුරටත් රැවටිය නොහැකි බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු ජනාධිපති ධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

බොරැල්ලේ පැවති හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.

විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධූර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා බොරැල්ලේදී මුස්ලිම් ප්‍රජාව නියෝජනය කරන විද්වතුන්, වෘත්තිකයන් සහ ව්‍යාපාරිකයින් ඇතුළු පිරිසක් හමුවූහ.

මේ අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජනාධිපති ධූර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා අද පස්වරුවේ කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ පොත් අලෙවිසල් වල සංචාරය කළ අතර එහිදී පොත් ප්‍රදර්ශනය නැරඹීමට පැමිණ සිටි ජනතාවගෙන් හිමිවූයේ උණුසුම් ප්‍රතිචාරයකි. විශ්‍රාමික මේජර් ජනරාල් කමල් ගුණරත්න මහතා විසින් ලියන ලද ගෝඨාභය කෘතිය මිලදී ගැනීමට පැමිණි පාඨකයින් ගෝඨාභය මහතා හමුවී මිලට ගත් පොත්වලට අත්සන ලබාගන්නා අයුරුද දක්නට ලැබිණි.

Leave a Reply

Your email address will not be published.