Friday, October 30, 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

උණුසුම් පුවත්
වසර තුනකදී රුපියල් බිලියන 249ක දැවැන්ත මත්ද්‍රව්‍ය තොගයක් පොලිස් දැලට“ඔයාලගේ රටවල පාස්පෝට් තියෙන අයට ලැබෙන්නේ ඔහොම සැලකිලි තමයි!”: ඩබ්ලින් ගුවන්තොටුපොළේදී Ryanair කාර්ය මණ්ඩලය කළ ජාතිවාදී ප්‍රහාරය ගැන සංගක්කාරගෙන් සැර හෙළිදරව්වක්!ඌව වෙල්ලස්ස සරසවියේ නව උපකුලපති ධුරයට මහාචාර්ය එච්.එම්.ජේ.සී. පිටවලහෝමාගම පොලිස් අත්අඩංගුවේදී සැකකරු මියගියේ පහරදීමකින් සිදුවූ තුවාල නිසා බවට විශ්වාස කෙරේ; නිල ක්‍රියාපටිපාටිය උල්ලංඝනය වූ බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා පිළිගනී“බෝ නොවන රෝග පරදවන්න ක්‍රීඩා සංස්කෘතියක් හදන්න; ඇවිදින මංතීරුවලින් උපරිම වැඩ ගන්න”: 2027 අයවැයට පෙර ජනපති අනුර කුමාරගෙන් විශේෂ උපදෙස් මාලාවක්පාතාල බිරිඳගෙන් කෝටි 12ක අල්ලස් ගත් සිද්ධිය: හිටපු ඇමැති විජයදාසගේ පුත් රඛිතගේ බැංකු ගිණුම් සහ සුපිරි වාහන අල්ලස් කොමිසමෙන් තහනම් කරයි“KDU රෝහල රජයේ එකක්ද? පුද්ගලික එකක්ද? ” – ඇඳන් 800ක රෝහල භාවිත නොකිරීම සහ රුපියල් ලක්ෂ 84ක තඹ පටි සොරකම ගැන කෝප් කමිටුවෙන් උපදෙස්“ඩොක්ටර්ස්ලාට හොරෙන් අපස්මාර බෙහෙත් නවත්තන්න කිව්වේ ChatGPT”: ඇමසන් ඉංජිනේරුවරියකගේ අභිරහස් මරණයෙන් පසු OpenAI සමාගමට එරෙහිව දැවැන්ත නඩුවක්යෝජිත ත්‍රස්ත විරෝධී සහ සංවිධානාත්මක අපරාධ පනත් කෙටුම්පත් විධිමත් සමාලෝචනයකට ලක්කරන්නැයි ලංකා වාණිජ මණ්ඩලය රජයෙන් ඉල්ලයිඉන්දීය නාවික හමුදාවේ පළමු පුහුණු බලඝණයට අයත් නෞකා ත්‍රිත්වය නිල සංචාරය නිමාකර දිවයිනෙන් පිටත්ව යයි
ප්‍රවෘත්ති

ගෝඨාගේ ඇමරිකා පුරවැසිබව ගැන හරීන්ගෙන් තවත් බොරුවක් – නාමල් ට්විටර් පණිවිඩයකින් කියයි

ගෝඨාගේ ඇමරිකා පුරවැසිබව ගැන හරීන්ගෙන් තවත් බොරුවක් – නාමල් ට්විටර් පණිවිඩයකින් කියයි

අමෙරිකානු පුරවැසිභාවය ඉවත් කළ පුද්ගලයින්ගේ මේ වනවිට අලුතින්ම නිකුත් කර ඇති නාම ලේඛනයේ ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධූර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂගේ නම ඇතුළත්ව නොමැති බවට අසත්‍ය සහ මඩ ප්‍රචාරයක් සිදුවෙමින් ඇති බව පාර්ලිමේන්තු මන්තී‍්‍ර නාමල් රාජපක්ෂ මහතා ට්විටර් පණිවිඩයක් තබමින් සඳහන් කරයි.

එහි දැක්වෙන්නේ ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධූර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂගේ අමෙරිකානු පුරවැසිභාවය ඉවත් කළ බවට අමෙරිකානු රජය නිකුත් කළ සහතිකයයි. එහිදී නාමල් රාජපක්ෂ මන්තී‍්‍රවරයා සඳහන් කර ඇත්තේ ඉදිරි දින කිහිපයේදී ජනතාව මුලා කිරීමට එක්සත් ජාතික පක්ෂයට දැන් තවත් බොරුවක් සොයා ගැනීමට සිදුවනු ඇති බවයි.

අමෙරිකානු පුරවැසිභාවය ඉවත් කළ පුද්ගලයින්ගේ නාම ලේඛනයේ ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධූර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂගේ නම ඇතුළත්ව නොමැති බව අමාත්‍ය හරීන් ප‍්‍රනාන්දු  ඊයේ(9) ට්විටර් සටහනක් තබමින් කරුණු දක්වා තිබූ අතර එහි දැක්වුණේ ගෝඨාභය රාජපක්ෂ තවදුරටත් අමෙරිකානු පුරවැසියකු වන බවයි. ඒ අනුව ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිධූරයට පත්වුවහොත්, ඔහුට එම ධූරය දැරීමට නොහැකි වන බවයි හරීන් ප‍්‍රනාන්දු අමාත්‍යවරයා සිය ට්විටර් පණිවිඩය මගින් දක්වා තිබිණි..

කෙසේ වෙතත් අමාත්‍ය හරීන් ප‍්‍රනාන්දු විසින් සිය ට්විටර් පණිවිඩය හරහා පළ කර ඇත්තේ ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධූර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂගේ අමෙරිකානු විදෙස් ගමන් බලපත‍්‍රයේ මුල් පිටුව පමණක් බවත් ජනාධිපති ධූර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂගේ අමෙරිකානු විදෙස් ගමන් බලපත‍්‍රය අවලංගු කරමින් අමෙරිකානු රජය තැබූ මුද්‍රාව ඇතුළත් පිටුව අමාත්‍ය හරීන් ප‍්‍රනාන්දු සිය ට්විටර් සටහනට එක්කර නැති බවත් නාමල් රාජපක්ෂ මහතා පෙන්වා දේ.

ජනාධිපති ධූර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂගේ අමෙරිකානු විදෙස් ගමන් බලපත‍්‍රය අවලංගු කළ බව දැක්වෙන එම පිටුව ඇතුළු එහි සියලු තොරතුරු පහතින් දැක්වේ.

(ඡායාරූප – නෙත් නිව්ස් ඇසුරිනි)

ඔබේ අදහස

Your email address will not be published. Required fields are marked *