2005 වර්ෂයේදී රෝයල් පාර්ක් සුපිරි නිවාස සංකීර්ණයේදී 19 හැවිරිදි ඉවොන් ජොන්සන් ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් වරදකරුවී මරණිය දණ්ඩනය හිමිව සිටි ශ්‍රමන්ත ජූඩ් ඇන්තනි ජයමහා නම් පුද්ගලයාට ජනාධිපති සමාව ලබාදීමට ජනපති මෛත්‍රිපාල සිරිසේන කටයුතු කර ඇත.
මෙම ඝාතන සම්බන්ධයෙන් චුදිතයාට 2012 වර්ෂයේදී කොළඹ මහාධිකරණය විසින් මරණ දඬුවම නියම කරනු ලැබු අතර එය ඉතිහාසයේ සුවිශේෂී නඩු තීන්දුවක් විය.
ඒ සම්බන්ධ පෙර පුවත් මෙතැනින් බලන්න…..https://bit.ly/2CzOrcp
මෙලෙස මරණ දඬුවම හිමිවූ ශ්‍රමන්ත ජූඩ් ඇන්තනි ජයමහා කුරුවිට බන්ධනාගාරයේ රඳවා සිටි අතර ජනාධිපති සමාව ලැබීමෙන් අනතුරුව ඔහු ඊයේ(09) සවස බන්ධනාගාරයෙන් පිටව ගොස් ඇති බව බන්ධනාගාර ආරංචි පවසයි.
මොහුට ජනපති සමාව දෙනවාට විරුද්ධව ඉවොන් ජොන්සන්ගේ සොයුරිය වන කැරොලිනා ජොන්සන් සිය ෆේස්බුක් ගිණුම ඔස්සේ පසුගියදා ප්‍රකාශයක්ද නිකුත් කර තිබිණි. මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමට පෙරුම් පුරමින් සිටි ජනපති මෛත්‍රීපාල සිරිසේන මරණ දඬුවම හිමිවූවකුට මෙසේ සමාව දීම පුදුමය දනවන්නක්සි බව දේශපාලන විචාරකයෝ කියති.
මිනීමැරුමේ සියලු විස්තර මෙතැනින්…https://bit.ly/2CzOrcp