ගුවන් තොටුපළට පැමිණි පසු වීසා ලබාගැනීමේ (On arrival) පහසුකම අත්හිටුවයි

විදේශිකයන් වෙනුවෙන් පවත්වාගෙන යනු ලැබූ ගුවන් තොටුපළට පැමිණි පසු වීසා ලබාගැනීමේ (ඔන් ඇරයිවල්) පහසුකම නැවත දැනුම්දෙන තුරු තාවකාලිකව අත්හිටුවීමට රජය තීරණය කර ඇත.

එමෙන්ම අත්‍යාවශ්‍ය කරුණකට හැර විදෙස් සංචාරයන්හි යෙදීමෙන් හැකිතාක් වළකින ලෙස රජය ජනතාවගෙන් ඉල්ලා සිටින අතර කොරෝනා වයිරසය රට තුළ පැතිරයාමේ අවදානම මගහරවා ගැනීම සඳහා රජය මඟින් ගෙන යන නිරෝධායන ක්‍රියාවලිය ඉතාලිය, දකුණු කොරියාව සහ ඉරානය යන රටවලින් පැමිණෙන ශ්‍රී ලාංකිකයින් සඳහා පමණක් නොව විදේශිකයින් සඳහාද අදාළ වන බවත් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *