ගිහාන් පිලිපිටිය අත්අඩංගුවට ගැනීමට අවශ්‍ය පියවර වහාම ගන්න – නීතිපති නියෝග කරයි

ඇඹිලිපිටිය මහාධිකරණ විනිසුරු ගිහාන් පිලිපිටිය අත්අඩංගුවට ගැනීමට වරෙන්තු ලබා ගන්නා ලෙස නීතිපතිවරයා වැඩබලන පොලිස්පතිවරයාට නියෝග කර තිබෙනවා. අත්අඩංගුවට ගැනීමට අධිකරණ නියෝග ලබා ගන්නා ලෙස මිට පෙර දැනුම් දී දින 18ක කාලයක් ගත වන තෙක් ඒ සම්බන්ධයෙන් නිසි ක්‍රියා මාර්ග නොගැනීම සම්බන්ධයෙන් නීතිපතිවරයා විසින් වැඩබලන පොලිස්පතිවරයාට සිය අප්‍රසාදය පළකර තිබේ.

රන්ජන් රාමනායක මන්ත්‍රිවරයා සහ විනිසුරු ගිහාන් පිලපිටිය සමග දුරකථන සංවාද පවත්වා ඇත්තේ නුගේගොඩ සහ කොළඹ අධිකරණ බල සීමාවේදී බව හෙළිවී ඇත. බැවින් එම අධිකරණ හරහා අද (11) දිනයේදීම වරෙන්තු ලබා ගෙන මහාධිකරණ විනිසුරු ගිහාන් පිලපිටිය අත්අඩංගුවට ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස නීතිපතිවරයා වැඩබලන පොලිස්පතිවරයාට නියෝග කර ඇති බවයි නීතිපතිවරයාගේ සම්බන්ධිකරණ නිලධාරිනි රජයේ අධි නීතිඥ නිශාරා ජයරත්න ප්‍රකාශ කර සිටියේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *