මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලට දිගින් දිගටම ඇද හැළෙන අධික වර්ෂාවත් සමඟ ගිනිගත්හේන නගරයේ වෙළඳසල් 10 ක් පමණ මහවැලි ගඟ දෙසට නායගොස් වෙළඳසැලක සිටි එක් සේවකයකු අතුරුදහන් වී ඇතැයි ගිනිගත්හේන පොලීසිය පවසයි.
අද(19) අලුයම 2.00ට පමණ මෙම නාය යාම සිදු වී ඇති අතර ගිනිගත්හේන පොලීසිය අසල ගිනිගත්හේන මහනුවර ප්‍රධාන මාර්ගයේ කොටසකුයි මෙසේ නාය ගොස් ඇති බව වාර්තා වෙයි.
ප්‍රධාන මාර්ගයේ කොටසක්ද නායයාමේ අවධානමක් පවතින බැවින් පොලිසිය ඉදිරිපිට සිට ගිනිගත්හේන බස් නැවතුම්පොළ දක්වා මහනුවර මාර්ගය සම්පුර්ණයෙන්ම වසා දමා තිබේ. එම මාර්ගයේ ගමන් ගන්නා වාහන කොළඹ මාර්ගය දෙසට ගමන් කර බස් නැවතුම්පොළ හරහා ප්‍රධාන මාර්ගයට පිවිසෙන ලෙස ගිනිගත්හේන පොලිසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටියි.
(අද දෙරණ පුවත් ඇසුරිණි/ Image – lankadeepa.lk)