ගාලුමුවදොර සංගීත සංදර්ශනයට බාධා කළ පොලිස් කොස්තාපල්වරයාගේ වැඩ තහනම් කරයි.

2022 දෙසැම්බර් 28 වන දින කොළඹ ගාලු මුවදොරදී පැවති සංගීත සංදර්ශනයක් අතරතුර නොසන්සුන්කාරී ලෙස හැසිරීම හේතුවෙන් පොලිස් කොස්තාපල්වරයෙකුගේ වැඩ තහනම් කර ඇත.

ඩේලි නිවුස් පුවත්පතට අනුව, පොලිස් කොස්තාපල්වරයා පෙරේදා දිවා රාජකාරියේ යෙදී සිට ඇති අතර එදිනම රාත්‍රියේ රාජකාරියෙන් බැහැරව සිටියදී ඔහුගේ සගයන් සමඟ සංගීත සංදර්ශනයට සහභාගී වී ඇත.

සංගීත කණ්ඩායමක ප්‍රසංගයක් අතරතුර බීමත්ව සිටි ඔහු වේදිකාවට ගොඩවී ඇති අතර, බදාදා අලුයම ඔහුව වේදිකාවෙන් ඉවත් කිරීමට උත්සාහ කළ රාජකාරියේ යෙදී සිටි පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට පහර දී තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් බොරලන්ද පොලිස් අභ්‍යාස විද්‍යාලයට අනුයුක්තව සේවය කරන පොලිස් කොස්තාපල්වරයා අත්අඩංගුවට ගෙන කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර ඇත.

අධිකරණය විසින් සැකකරු ඇප මත මුදා හැර ඇති අතර නඩුව 2023 ජනවාරි 13 වැනි දින විභාගයට ගැනීමට නියමිතය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *