ගාලුමුවදොර පිටියේදී මාරාන්තික උපවාසයක් දියත් කළ හිමිනමක් රෝහල් ගත කරයි

ගාලුමුවදොර විරෝධතා බිමේ මාරාන්තික උපවාසයක් දියත් කළ පූජ්ය තෙරිපහ සිරිධම්ම හිමියන් රෝගාතුර වී කොළඹ ජාතික රෝහලට ඇතුළත් කළ බව රෝහල් ආරංචි මාර්ග පවසයි.
උන්වහන්සේ අද පෙරවරුවේ මහ රෝහලේ ETU වෙත ඇතුළත් කළ බව ඔවුන් සඳහන් කළා.
කොළඹ ගාලු මුවදොර පිටියේ පිහිටි ජනාධිපති කාර්යාලය ඉදිරිපිටදී සිරිධම්ම හිමියන් බදාදා මාරාන්තික උපවාසය ආරම්භ කළා.
