ගංවතුරට මැදිවූ නාවලපිටිය SLTB බස් රථයේ මගීන් තරුණයන්ගේ මෙහෙයුමකින් බේරාගනී

අධික වර්ෂාව සහ දැඩි අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් නාවලපිටිය බලාන්තොට ප්‍රදේශයේදී ඉහළ යමින් පැවති ගංවතුරට මැදිවූ ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට (SLTB) අයත් බස් රථයක සිටි මගීන් ආරක්ෂිතව මුදාගෙන තිබේ.

සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන වීඩියෝ දර්ශනවලින් දැක්වෙන්නේ මඩ සහිත ගංවතුර වේගයෙන් ප්‍රදේශය යට කරමින් තිබියදී බස් රථය ජලයෙන් වටවී සිරවී ඇති ආකාරයයි.

මේ අතර, නාවලපිටිය ප්‍රදේශයේ තරුණයන් පිරිසක් මගීන් බේරා ගැනීමේ මෙහෙයුමට එක්වී ඇති අතර, ලොරි රථයක් යොදා ගනිමින් මගීන් ආරක්ෂිත ස්ථාන වෙත රැගෙන ගොස් තිබේ.

ගංවතුරෙන් බස් රථය සම්පූර්ණයෙන් වටවී තිබියදී මගීන් බස් රථයේ ජනේල හරහා පිටතට ගෙන ආකාරයද වීඩියෝ දර්ශනවල දැක්වේ.

කාලගුණ තත්ත්වය තවදුරටත් අයහපත් වෙමින් පැවති අවස්ථාවක තරුණයන් දැක්වූ කඩිනම් ප්‍රතිචාරය සහ ධෛර්යය හේතුවෙන් සිදුවිය හැකිව තිබූ විශාල අනතුරක් වළක්වා ගැනීමට හැකි වී තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *