කොළඹ

කොළඹ මහ නගර සභාවේ මාසික රැස්වීම අද

කොළඹ මහ නගර සභා රැස්වීම අද (29) දිනයේ පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර ඇති බව කොළඹ මහනගර සහාවේ නගරාධිපතිනි රෝසි සේනානායක මහත්මිය පැවසුවාය.

එමෙන්ම මහජන ආධාර දෙපාර්තමේන්තුව අද දිනයේ සිට යළි ආරම්භ කෙරෙන බව ඇය සඳහන් කළාය.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වන කොළඹ මහනගර සහාවේ නගරාධිපතිනි රෝසි සේනානායක මහත්මිය,

“කොළඹ නගර සභාවේ මහ සභාව අපි සියලූම විදිවිධාන ලෑස්ති කරලා තියෙන්නේ. ඒක දවල් 2.30ට. මොකද අනපේක්ෂිත විදියට අපේ ජන සෞඛ්‍ය දෙපාර්තමේන්තුවට සහ අනෙකුත් දෙපාර්තමේන්තු සහ සියලුම සේවාවන් ඒ ආකාරයෙන්ම ජනතාවට ලබා දෙමින් පවතිනවා. සෞඛ්‍ය සුරක්ෂිතභාවය තහවුරු කරමින්, අපි අද දවසේ කොළඹ මහ සභාව තියන්න තීරණය කරලා තියෙනවා. මොකද මහනගර සභා ආඥා පනතට අනුකූලව සියලූම ප්‍රාදේශිය සභාවක්, නගර සභාවක් අනිවාර්යයෙන්ම මහ සභාවක් මාසිකව තැබිය යුතුයි.  මහජන ආධාර දෙපාර්තමේන්තුව, විපතට පත් ජනාතවට වියළි ආහාර ලබා දෙන්න කටයුතු කරලා තියෙනවා. “

Leave a Reply

Your email address will not be published. Required fields are marked *