කොස්ගම රෝහලෙන් පැනගිය කොවිඩ් රෝගියා බොරැල්ලෙන් සොයාගනී

කොවිඩ් ආසාධනය වීම හේතුවෙන් ඒ සදහා ප්‍රතිකාර සිදුකරනු ලබන කොස්ගම ප්‍රදේශයේ පිහිටි රෝහලකට ඇතුලත් කළ 26 හැවිරිදි තරුණයෙකු අද අළුයම 1.30ට පමණ එම රෝහලෙන් පැන ගොස් ඇති බව කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කර සිටියි. මෙම තරුණයා නව කැළණි පාර, සේදවත්ත, වැල්ලම්පිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බව සඳහන්.

කෙසේවෙතත් කොවිඩ් ආසාධිත මෙම තරුණයා බොරැල්ල සහස්පුර නිවාස සංකීර්ණයේ 13 වන මහලේ නිවසක රැදී සිටියදී අද දහවල් සොයා ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ ප්‍රකාශ කර සිටිනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *