කොවිඩ් 19 නිසා අඩපණ වූ ආර්ථිකය නැවත ගොඩනැගීමට හැකියි – ජනපති කියයි

කොවිඩ් 19 වසංගත ව්‍යාප්තිය හේතුවෙන් අඩපණ වූ ආර්ථිකය නැවත ගොඩනැගීමට හැකි බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අවධාරණය කර සිටී.

ජනාධිපති කාර්ය සාධක බලකාය සමග ඊයේ (06) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේදී ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළා. මැයි 11 දා සිට යළි යථා තත්වයට පත් කෙරෙන ජන ජිවිතයත් සමග ආර්ථිකය ද නගා සිටුවීමේ අරමුණින් මෙම සාකච්ඡාව පවත්වනු ලැබීය.

නව ආර්ථික මාදිලියක් සැකසීමේ වගකීම ආර්ථික පුනර්ජීවනය හා දරිද්‍රතාව තුරන් කිරීම සඳහා වන ජනාධිපති කාර්ය සාධක බලකායට පැවරෙන බවත්, කාර්ය සාධක බලකාය විෂය ක්ෂේත්‍ර අනුව කොටස් වශයෙන් බෙදී ඉලක්ක ගත නව ආර්ථික සැලසුම් සකස් කර ක්‍රියාත්මක කළ යුතු බවත් මෙහිදී ජනාධිපතිවරයා කියාසිටියේය.

මෙරට ආර්ථිකයට විශාල දායකත්වයක් ලබා දෙන ඇඟලුම් සහ සංචාරක කර්මාන්ත නව මුහුණුවරකින් ඇරඹිය යුතු බවත්, දේශීය සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනයට වැඩි අවධානයක් යොමු කිරීමෙන් හෝටල් කර්මාන්තය ආරක්ෂා කර ගැනීමේ හැකියාව කෙරෙහි ද මෙම සාකච්ඡාවේදී අවධානය යොමු කෙරුණා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *