කොවිඩ් වෛරසයට මතුපිට පෘෂ්ඨයක් මත දින 3 ක් රැඳී සිටීමේ හැකියාව තිබෙනවා – වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය

Share this Article

කොරෝනා වෛරසය දින 3 ක් යනතුරු මතුපිට පෘෂ්ඨයක් මත සක්‍රීයව සිටීමේ ඇති හැකියාව නිසා මෙම වෛරසය ශීඝ‍්‍රයෙන් බෝවී යෑමේ අවදානම ඉහළ බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතා පවසයි. ඒ මහතා පෙන්වා දෙන්නේ වෛරසයේ මෙම ස්වභාවය ඉතා භයානක තත්වයක් බවයි.

එබැවින් පොදු වාහන භාවිතා කරද්දී මෙන්ම නිවසින් බැහැරව සිටින ඕනෑම අවස්ථාවක භාණ්ඩ හා පුද්ගලයන් ස්පර්ශය කිරීම හා පුද්ගලයන් සමීපව ආශ්‍රය කිරීමද අවම මට්ටමක තබා ගැනීමට කටයුතු කළ යුතු බවයි අනුරුද්ධ පාදෙණිය මහතා කියා සිටියේය.

සබන් හෝ විෂබීජ නාශක දියර යොදා නිතර අත සේදීම වැනි නිසි සෞඛ්‍ය පිළිවෙත් අනුගමනය කිරීමෙන් මෙම වෛරසය තමන් වෙත ආසාදනය වීම වළක්වා ගත හැකි බවයි ඒ මහතා පෙන්වා දෙන්නේ.


Share this Article

Leave a Reply

Your email address will not be published.