Monday, November 2, 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

උණුසුම් පුවත්
ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල ඉහළ දැමීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පියවර ගනීඅභාවප්‍රාප්ත ජ්‍යෙෂ්ඨ නීතිඥ ලාල් විජේනායක මහතාගේ දේහයට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවසන් ගෞරව දක්වයිවන අලි සහ දළ ඇතුන් ඝාතනය කරන පිරිස්වලට දැඩි දඬුවම් පමුණුවන්න – විපක්ෂ නායකනව සූර්ය බලශක්ති අයදුම්පත් භාරගැනීම අත්හිටුවීම පිළිබඳව එක්සත් ජාතික පක්ෂයෙන් රජයේ බලශක්ති ප්‍රතිපත්තිය ප්‍රශ්න කෙරේදින ගණනාවක් සබඳතා ඇණහිට පොතුවිල්වලට නාවික සැතපුම් 200ක් ඈතින් පාවෙමින් සිටි ධීවරයින් හතරදෙනා ජීවතුන් අතර: නාවික හමුදාවෙන් සහ වෙරළාරක්ෂකයෙන් ඒකාබද්ධ මෙහෙයුමක්කුක් දූපත්හි වසර තුනකට ආසන්න කාලයක් සිරවී සිටින ශ්‍රී ලාංකික කාන්තාව මෙරටට ගෙන්වා ගැනීමට රජයේ අවධානය: මධ්‍යම අධිවේගී මාර්ගයේ පළමු අදියර වන කඩවත – මීරිගම කොටස 2028 අප්‍රේල් මාසයේදීජීවන බරට සහ අනිවාර්ය හමුදා සේවයට එරෙහිව ජර්මනියේ ‘Gen Z’ තරුණ නැගිටීමක්: නගර 34ක වීදි සටන්, කඩසාප්පු කොල්ලකෑම් සහ ගිනි තැබීම්මධ්‍යම අප්‍රිකානු ජනරජයේ සාර්ථක ප්‍රාණඇපකරුවන් මුදාගැනීමේ මෙහෙයුමකට ශ්‍රී ලංකා ගුවන් හමුදා දායකත්වයක්හම්බන්තොට ජාත්‍යන්තර වරායේ රථගාලකට අකුණු සැර වැදීමෙන් ආනයනික වාහන 11කට හානි
ප්‍රවෘත්ති

කොවිඩ් නිසා අතරමග නැවතුනු කොරියානු රැකියා යළි ආරම්භ කිරීමට පියවර

කොවිඩ් නිසා අතරමග නැවතුනු කොරියානු රැකියා යළි ආරම්භ කිරීමට පියවර

කොරෝනා වෛයිරසයේ ව්‍යාප්තිය හේතුවෙන් තාවකාලික නතරවු කොරියා රැකියා සම්බන්ධ කටයුතු යලි ආරම්භ කිරිම හා තාවකාලිකව නිවාඩු සඳහා මෙරටට පැමිණ සිටින ශ්‍රමිකයන් කොරියාවේ රැකියා වෙත යොමු කිරිමේ සාකච්ඡාවක් විදේශ සබදතා, නිපුණතා සංවර්ධන, රැකීරක්ෂා හා කම්කරු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය 11 වැනිදා පැවැත්විණි.

නිපුණතා සංවර්ධන, රැකීරක්ෂා හා කම්කරු අමාත්‍යාංශයේදි පැවැත්වුණු මෙම සාකච්ඡාවට කොරියානු මානව සම්පත් සංවර්ධන ආයතනයේ නේවාසික අධ්‍යක්ෂ කිම් වොන් සොක් (Kim Won Seok) විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපති කමල් රත්වත්තේ, කාර්යාංශයේ උප සභාපති නිමල් තිබ්බුටුමුනුව හා කාර්යාංශයේ පුහුණු, බඳවා ගැනීම් හා අලෙවිකරණ අංශයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි මංගල රන්දෙනිය යන මහත්වරුන් එක්වී සිටියහ.මෙහිදී, E-9 වීසා බලපත්‍රසහිත ශ්‍රමිකයන් කොරියාවේ රැකියා සඳහා පිටත්වීමේදි දින 14 ස්වයං නිරෝධායනයකට හෝ පහසුකම් නිරෝධායනයකට ලක්වීම සම්බන්ධව ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබදව වැඩිදුරටත් සාකච්ඡාවට ලක්විය.

කොරියානු සේවාස්ථානයන්හි රැකියා කරමින් නිවාඩු ලබා ආපසු යෑමේ අදහසින් පැමිණි ශ්‍රමිකයින් හැකි ඉක්මණින් නැවත පිටත් කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසත්, ඊට අවශ්‍ය පහසුකම් කාර්යාංශයට සපයන ලෙසත් අමාත්‍යවරයා උපදෙස් ලබාදෙන ලදී. අවුරුදු 04 මාස 10ක් සම්පූර්ණ කොන්ත්‍රාත් කාලය අවසන් කර නැවත කොරියාවට යාමේ අරමුණින් ආපසු පැමිණි පිරිස්වලට ඒ සදහා කඩිනමින් අවස්ථාව ලබාගැනීමට අවශ්‍ය පියවර ගැනීමට ද අමාත්‍යවරයා කාර්යාංශයට උපදෙස් දුන් අතර, එම අවස්ථා ලබාගැනීමට අවශ්‍ය සහයෝගය කොරියානු මානව සම්පත් සංවර්ධන ආයතනයට කාර්යාංශය වෙත ලබාදෙන ලෙසද ඉල්ලා සිටියහ.

කොරියානු මානව සම්පත් සංවර්ධන ආයතනය නියෝජිත, අධ්‍යක්ෂවරයා විසින් ඊට අවශ්‍ය පියවර ගැනීමට කටයුතු කරන බව වැඩිදුරටත් ප්‍රකාශ කල අතර ප්‍රථම වාතාවට කොරියානු රැකියාවන් ලබාගැනීමේ සුදුසුකම් සපුරා ඇති අයට තවදුරටත් ඊට අදාල වෙබ් අඩවියේ රැදීමට සිදුවන අතර එවැනි අයට රැකියා ගිවිසුම් ලබාදීම රටවල් 16 සදහාම තවකාලිකව නවතා ඇති බවද අමාත්‍යවරයාට මේ අවස්ථාවේ දී පැහැදිලි කරන ලදී. කොරියානු රජය විසින් එක් එක් කාණ්ඩයට අදාලව ගෙන්වා ගැනීමේ ක්‍රියාවලිය කොව්ඩ් අභියෝගය ජය ගැනීමට හැකිවන පරිදි නවීකරණය කර නැවත ආරම්භ කිරීමට කටයුතු කරන බව වැඩිදුරටත් දැනුම් දෙන ලදී.

ඔබේ අදහස

Your email address will not be published. Required fields are marked *