කොවිඩ් තුන්වන රැල්ල පාලනය සදහා ආණ්ඩුව ගත යුතු සෑම පියවරක්ම ගෙන ඇත – සංචාරක ඇමති

කොවිඩ් තුන්වන රැල්ල පාලනය සදහා ආණ්ඩුව ගත හැකි, ගත යුතු සෑම පියවරක්ම ගෙන ඇතැයි සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා අවධාරණය කරයි.

ගෝලීය වසංගත තත්ත්වයේ වෙනස්වීම් අනුව ඉදිරියේ ඇතිවිය හැකි යැයි හැගෙන තත්ත්වයන්ට මුහුණ දීම සඳහා සෞඛ්‍ය අංශය ශක්තිමත් කිරීමට රජයේ වැඩි අවධානයක් යොමුව ඇතැයි ද ඇමතිවරයා පෙන්වා දෙයි.

මිනුවන්ගොඩ කොවිඩ් කමිටු රැස්වීමේ දී ඇමති ප්‍රසන්න රණතුංග මහතා මේ බව සදහන් කළේය. රැස්වීම පසුගියදා මිනුවන්ගොඩ ප්‍රා දේශීය ලේකම් කාර්යාලයේ දී පැවැත්වීණ.

මෙහි දී වැඩිදුරටත් අදහස් දැක්වු ඇමති ප්‍රසන්න රණතුංග මහතා සදහන් කළේ කොවිඩ් එන්නකරණ වැඩපීලිවෙල කඩිනම් කිරීමට ආණ්ඩුව කටයුතු කරමින් සිටින බවයි. ඉදිරි සති කීපය තුළ කොවිඩ් එන්නත් මෙරටට ලැබීමට නියමිත බව ද ඇමතිවරයා සදහන් කළේය.

රටේ ජනතාව ආරක්ෂා කරගනිමින් ආර්ථික තත්ත්වය ද රැක ගැනීම මේ මොහොතේ ආණ්ඩුව මුහුණ දෙමින් සිටින අභියෝගයයි. එම අභියෝගයට මුහුණ දීම සදහා හැකි උපරිමයෙන් කටයුතු කරන බව ද පෙන්වා දෙයි.
කඩිනමින් ප්‍රතිකාර මධ්‍යස්ථාන ගොඩනගමින්, ප්‍රාථමික සෞඛ්‍ය මධ්‍යස්ථාන කොරෝනා වෛරසය සඳහා සුදුසු ප්‍රතිකාර මධ්‍යස්ථාන ලෙස සංවර්ධනය කරමින් ආරක්ෂක අංශ දක්වන සහායද මේ මොහොතේ
අගය කරන බව කී අමාත්‍යවරයා කොවිඩ් වෛරසය ගෝලීය වසංගත තත්ත්වයක් බව දැන දැනත් රෝගය මර්ධනය කිරීම සදහා රජයට සහාය වෙනවා වෙනුවට විපක්ෂය කටයුතු කරන්නේ වගකීම් විරහිතව යැයිද පෙන්වා දුන්නේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *