කොවිඩ් ආසාධිතයින් – මාතලෙන් 31ක්, වත්තල කර්මාන්ත ශාලාවෙන් 119ක්

මාතලේ දිස්ත්‍රික්කයෙන් කොවිඩ් ආසාදිතයන් 31දෙනෙක් හඳුනාගෙන ඇති බව දිස්ත්‍රික් ලේකම් එස්. එම්. ජී. කේ. පෙරේරා මහතා සඳහන් කර සිටියි. මාතලෙන් හමුවී ඇති සියලුම කොවිඩ් ආසදිතන් මිනුවන්ගොඩ සහ පෑලියගොඩ කොවිඩ් පොකුරට සම්බන්ධ අය බවත්, මේ වන විට පවුල් 339ක් නිරෝධායනයට යොමුකර ඇති බවත් ඒ මහතා වැඩි දුරටත් පෙන්වා දෙයි.

මේ අතර වත්තල, කෙරවලපිටිය ප්‍රදේශයේ සෙල්ලම් භාණ්ඩ නිෂ්පාදනය කරන කර්මාන්ත ශාලාවේ සේවක පිරිසෙන් තවත් පුද්ගලයින් 68දෙනෙකු කොරෝනා ආසාදනය වී ඇති බව අද (05) අනාවරණය වී තිබේ. ඒ අනුව එම කර්මාන්තශාලාවේ පුද්ගලයින් 693දෙනෙකුට සිදු කරන ලද පි.සි.ආර්. පරික්ෂණ වලින් දැනට ලැබී ඇති ප්‍රථිපල අනුව මේ වනවිට කොරෝනා ආසාදියන් 119 දෙනෙකු වාර්තා වී ඇත.

මෙම කර්මාන්තශාලාවේ තවත් 400 කට ආසන්න පිරිසකගේ පී.සී.ආර් වාර්තා ලැබීමට නියමිතව ඇති බව වත්තල පරිපාලන මහජන සෞඛ්‍ය පරික්ෂක වරුන අමරසේකර මහතා පවසා සිටියි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *