කොවිඩ් ආසාදිත මවක් මිය යයි, බිළිඳා බේරා ගැනීමට වෛද්‍යවරුන් සමත් වේ

කොවිඩ් වෛරසය ආසාදනය වී සිටි 28 හැවිරිදි ගර්භනී මවක් කුරුණෑගල රෝහලේදී ජිවිතක්ෂයට පත්ව තිබේ.
මෙලෙස ජිවිතක්ෂයට පත්ව ඇත්තේ කොබෙයිගනේ ප්‍රදේශයේ පදිංචි කාන්තාවක් වන අතර ඇය සිය පළමු දරු ප්‍රසුතිය සඳහා සුදානම් වී සිට ඇත.

මෙම කාන්තාව සිය දරුවා ලැබීමට ආසන්න වෙත්ම නිකවැරටිය රෝහලට ඇතුලත් කොට ඇති අතර එහිදී ඇය දිගින් දිගටම අපස්මාරය රෝගයෙන් පෙලීම නිසා කුරුණෑගල රෝහලට මාරුකොට ඒවා තිබිණ.

කුරුණෑගල රෝහලේදී සිදුකළ PCR පරීක්ෂණයෙන් ඇය කොවිඩ් ආසාදිත බවට හෙළිවී ඇති අතර පසුව ඇය කොවිඩ් ආසාදිතයින්ට ප්‍රතිකාර කරනු ලබන විශේෂ ප්‍රතිකාර ඒකකයට ඇතුලත් කර තිබෙනවා. එහිදී මෙම ගර්භනී කාන්තාව දරු ප්‍රසුතිය සඳහා සුදානම් වීම හේතුවෙන් වෛද්‍යවරුන් විසින් සිසේරියන් සැත්කමක් සිදුකර ඇති අතර එම අවස්ථාවේදී ද දිගින් දිගටම ඇයට අපස්මාරය රෝගය උත්සන්න වී ඇති බව රෝහල් බලධාරීන් පවසා සිටී.

පැවති සංකුලතා හේතුවෙන් මෙම ගර්භනී මව ජිවිතක්ෂයට පත්ව ඇති අතර ඇයගේ බිලිඳා බේරා ගැනීමට වෛද්‍යවරුන් සමත්ව ඇත.

මේ වන විට  බිලිඳා සෞඛ්‍ය සම්පන්නව සිටින බව කුරුණෑගල රෝහල් නියෝජ්‍ය අධ්‍යක්ෂක චන්දන කදන්ගමුව මහතා ප්‍රකාශ කර සිටියේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *