කොවිඩ් ආසාදිතව විදුලිබල මණ්ඩලයේ සේවකයෙක් මියයයි

විදුලිබල මණ්ඩලයේ ත්‍රිකුණාමලය කින්නියා පාරිභෝගික මධ්‍යස්ථානයට අනියුක්තව සේවය කළ පුද්ගලගයෙක් කොවිඩ් වෛරසය ආසාදනය වී මරණයට පත්වී තිබේ.

ඔහු 40 හැවිරිදි දෙදරු පියෙකි.

ඒ අනුව කොවිඩ් ආසාදිතව මියගිය විදුලිබල මණ්ඩලයේ පළමු පුද්ගලයා ඔහු බව නිවේදනයක් නිකුත් කරමින් විදුලි බල අමාත්‍යාංශය පැවසීය.

ඒ අනුව ඔහුගේ බිරිදට ලංකා විදුලිබල මණ්ඩලයේ සුදුසු රැකියා අවස්ථාවක් ලබාදීමට කටයුතු කරන ලෙස විදුලිබල අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා අදාළ බලධාරීන්ට දැනුම් දී තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *