කොරෝනා

කොවිඩ් ආසාදිතයන් සිතියම්ගත නොකළොත් තාක්‌ෂණික කමිටුවෙන් ඉවත් වෙනවා – GMOA

Share this Article

පවතින කොවිඩ් වසංගත තත්ත්වය නිරීක්ෂණය කරමින් දෛනිකව වාර්තා වන ආසාදිතයින්ගේ තොරතුරු යාවත්කාලීන කර අදාළ තොරතුරු සිතියම්ගත කිරීමේ වැදගත්කම තම සංගමය මාසයක් තිස්සේ පෙන්වාදුන් බවත්, නමුත් එම යාවත්කාලීන කිරීම් මේ දක්වා ඉටු නොවී ඇති බවත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සංස්කාරක වෛද්‍ය හරිත අලුත්ගේ මහතා කියා සිටියි. ඒ මහතා අවධාරණය කර සිටින්නේ ඊට අදාළ කටයුතු මෙම සතිය ඇතුළත සිදු නොවන්නේ නම් සෞඛ්‍ය අංශ වෙත තම සංගමය ලබා දෙන දායකත්වයෙන් ඉවත් වීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ විධායක සභාව තීරණය කර ඇති බවයි.

ඒ මහතා වැඩිදුරටත් පෙන්වා දෙන්නේ කොවිඩ් ආසාදිතයින්ගේ දෛනික වාර්තා සිතියම්ගත කිරීමෙන් රටේ අවදානම් කලාප, ග‍්‍රාම නිලධාරි වසම්, දිස්ති‍්‍රක්ක සහ පළාත් පිළිබඳව ගත යුතු තීන්දු තීරණ සහ හුදෙකලා කළ යුතු ප‍්‍රදේශ, දිස්ති‍්‍රක්ක ගැනද නිවැරදි තීන්දු තීරණ ලබා ගැනීමේ හැකියාව පවතින බවයි.

ඒ මහතා මේ බව පවසා සිටියේ ඊයේ (04) කොළඹ පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.


Share this Article

Leave a Reply

Your email address will not be published.