colpetty-accident

කොල්ලුපිටිය රිය අනතුරක්…

කොල්ලුපිටියේදී සෙනසුරාදා (10) අලුයම ත්‍රිරෝද රථයක් ගැටීමෙන් සිදුවූ මාරක රිය අනතුරට සම්බන්ධ 24 හැවිරිදි මෝටර් රථයේ රියදුරු ඩුබායි බලා පළාගොස් ඇතැයි පොලිසිය අද ප්‍රකාශ කළා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා පැවසුවේ, සැකකරු අනතුර සිදුවූ දිනයේම ඩුබායි බලා පළාගොස් ඇති බවට පරීක්ෂණවලදී අනාවරණය වී ඇති බවයි.

සැකකරු කොල්ලුපිටියේදී සිය සුඛෝපභෝගී මෝටර් රථය පිටුපසින් ත්‍රිරෝද රථයක ගැටීමෙන් පසු ප්‍රදේශයෙන් පලාගොස් ඇත.

අනතුරින් තුවාල ලැබූ ත්‍රිරෝද රථයේ රියදුරු රෝහලට ඇතුළත් කිරීමේදී ජීවිතක්ෂයට පත්ව ඇති අතර, අනතුර දුටු පුද්ගලයින් විසින් මෝටර් රථයේ ගමන් කළ කාන්තාවකට පහර දී තිබේ.

අනතුර සිදුවන අවස්ථාවේ සැකකරු සහ කාන්තාවක් ඇතුළු තවත් දෙදෙනෙකු රාත්‍රී සමාජ ශාලාවකට ගොස් ආපසු පැමිණෙමින් සිට ඇති බව පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *