Monday, November 2, 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

උණුසුම් පුවත්
ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල ඉහළ දැමීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පියවර ගනීඅභාවප්‍රාප්ත ජ්‍යෙෂ්ඨ නීතිඥ ලාල් විජේනායක මහතාගේ දේහයට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවසන් ගෞරව දක්වයිවන අලි සහ දළ ඇතුන් ඝාතනය කරන පිරිස්වලට දැඩි දඬුවම් පමුණුවන්න – විපක්ෂ නායකනව සූර්ය බලශක්ති අයදුම්පත් භාරගැනීම අත්හිටුවීම පිළිබඳව එක්සත් ජාතික පක්ෂයෙන් රජයේ බලශක්ති ප්‍රතිපත්තිය ප්‍රශ්න කෙරේදින ගණනාවක් සබඳතා ඇණහිට පොතුවිල්වලට නාවික සැතපුම් 200ක් ඈතින් පාවෙමින් සිටි ධීවරයින් හතරදෙනා ජීවතුන් අතර: නාවික හමුදාවෙන් සහ වෙරළාරක්ෂකයෙන් ඒකාබද්ධ මෙහෙයුමක්කුක් දූපත්හි වසර තුනකට ආසන්න කාලයක් සිරවී සිටින ශ්‍රී ලාංකික කාන්තාව මෙරටට ගෙන්වා ගැනීමට රජයේ අවධානය: මධ්‍යම අධිවේගී මාර්ගයේ පළමු අදියර වන කඩවත – මීරිගම කොටස 2028 අප්‍රේල් මාසයේදීජීවන බරට සහ අනිවාර්ය හමුදා සේවයට එරෙහිව ජර්මනියේ ‘Gen Z’ තරුණ නැගිටීමක්: නගර 34ක වීදි සටන්, කඩසාප්පු කොල්ලකෑම් සහ ගිනි තැබීම්මධ්‍යම අප්‍රිකානු ජනරජයේ සාර්ථක ප්‍රාණඇපකරුවන් මුදාගැනීමේ මෙහෙයුමකට ශ්‍රී ලංකා ගුවන් හමුදා දායකත්වයක්හම්බන්තොට ජාත්‍යන්තර වරායේ රථගාලකට අකුණු සැර වැදීමෙන් ආනයනික වාහන 11කට හානි
ප්‍රවෘත්ති

01 ශ්‍රේණියට ඇතුළත් කිරීම සම්බන්ධව අධ්‍යාපන අමාත්‍යාංශයෙන් නව තීරණයක්…

01 ශ්‍රේණියට ඇතුළත් කිරීම සම්බන්ධව අධ්‍යාපන අමාත්‍යාංශයෙන් නව තීරණයක්…

01 ශ්‍රේණියේ සහ අපොස උසස් පෙළ සිසුන් පාසල්වලට බඳවා ගැනීමට අදාළව නව රෙගුලාසි අධ්‍යාපන අමාත්‍යාංශය විසින් ප්‍රකාශයට පත් කර තිබේ.

නිවේදනයක් නිකුත් කරමින් එම අමාත්‍යාංශය සඳහන් කළේ 01 ශ්‍රේණියට සිසුන් ඇතුළත් කර ගැනීම අධ්‍යාපන අමාත්‍යාංශය හරහා නොව පාසල් මගින් පමණක් සිදුකරන බවයි.

තමන් කැමති අ.පො.ස. උසස් පෙළ විෂය ධාරාවන්ගෙන් සමන්විත නොවන පාසල්වල අ.පො.ස සාමාන්‍ය පෙළ සිසුන් 2022 දෙනෙකුට අදාළ අ.පො.ස.

2022 අපොස සාමාන්‍ය පෙළ සිසුන්ට එම අයදුම්පත් අධ්‍යාපන අමාත්‍යාංශය වෙත යොමු නොකරන ලෙසට උපදෙස් ලබාදී ඇති අතර එම ක්‍රියාවලිය පාසල් මගින් පමණක් සිදු කෙරෙනු ඇත.

මධ්‍ය අධ්‍යයන වාරයේ පාසල්වලට සිසුන් ඇතුළත් කර ගැනීම සඳහා සිසුන් ඇතුළත් කිරීමේ ක්‍රියාවලිය 2022 දෙසැම්බර් 05 වැනිදා සිට නවතා ඇති බව ද අධ්‍යාපන අමාත්‍යාංශය දැනුම් දෙයි.

2023 වසරේ මැද අධ්‍යයන වාරය සඳහා සිසුන් බඳවා ගැනීම ආරම්භ වන්නේ 2022 තෙවන අධ්‍යයන වාරය 2023 මාර්තු 24 වන දින අවසන් වූ පසුව පමණි.

පාසල්වල පවතින පුරප්පාඩු මත අයදුම්පත් පරීක්‍ෂා කිරීමෙන් අනතුරුව සිසුන් ඇතුළත් කර ගැනීම සිදුකෙරෙන බව අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කරයි.

ඔබේ අදහස

Your email address will not be published. Required fields are marked *