කොරෝනා වැළදී ඇති බවට සැක කෙරෙන දෙදෙනෙක් IDH රෝහලට

කොරෝනා වෛරසය ආසාදනය වූ බවට සැක කෙරෙන චීන හා ශ්‍රී ලාංකික කාන්තාවන් දෙදෙනෙක් අංගොඩ පිහිටි ජාතික බෝ වන රෝග විද්‍යායතනයට ඇතුළත් කර තිබේ. එහි අධ්‍යක්ෂ වෛද්‍ය හසිත අත්තනායක මහතා සඳහන් කළේ ඔවුන් මේ වනවිට රෝහලේ විශේෂ ප්‍රතිකාර ඒකකයේ ප්‍රතිකාර ලබන බවයි.

ඔහු සඳහන් කළේ ඊයේ සහ අද දිනයේ ඔවුන් රෝහලට ඇතුළත් කළ බවත් අදාළ කාන්තාවන්ට වැළදී ඇත්තේ කොරෝනා වෛසරය ද යන්න තහවුරු කර ගැනීම සඳහා රුධිර හා සෙම සාම්පල බොරැල්ල වෛද්‍ය පර්යේෂණ ආයතනන වෙත යොමු කළ බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *