අද දිනයේ මේ දක්වා කාලය තුළ කොරෝනා ආසාදිතයින් 1,786 දෙනෙකු වාර්තා වන බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්ර සිල්වා මහතා පැවසීය.
කොරෝනා රෝග ලක්ෂණ නොපෙන්වන ආසාදිතයන්ට නිවෙස් තුල ප්රතිකාර කිරීමේ වැඩපිළිවෙලක්

පී.සී.ආර්. පරීක්ෂණයෙන් ආසාදිතයින් ලෙස හඳුනා ගැනුණ ද කොරෝනා රෝග ලක්ෂණ නොපෙන්වන පුද්ගලයින් නිවෙස් තුළ ප්රතිකාර කිරීමට තීරණය කර තිබේ.
එම වැඩපිළිවෙල ලබන සඳුදා සිට ආරම්භ කරන බව ප්රාථමික සෞඛ්ය සේවා, වසංගත රෝග සහ කොවිඩ් රෝග පාලන කටයුතු රාජ්ය අමාත්ය විශේෂඥ වෛද්ය සුදර්ශිනී ප්රනාන්දුපුල්ලේ මහත්මිය පැවසුවාය.
මේ අතර බස්නාහිර පළාතේ පුද්ගලයන්ට කොරෝනා එන්නත ලබා දිමේ වැඩපිලිවෙල අද දිනයේ ප්රදේශ 59 ක් ආශ්රිතව සිදුකෙරිණ.
අමාත්ය නාමල් රාජපක්ෂ අද පෙරවරුවේ නාවල සිරි සිද්ධත්තාරාම මහා විහාරයේ පැවති එන්නත්කරණ වැඩසටහන නිරීක්ෂණය කළේය.
