කොරෝනා රෝගීන් සංඛ්‍යාව 310 ක් දක්වා ඉහළට

අද (21) දිනය තුළ මේ දක්වා කොරෝනා ආසාදිතයින් 06 දෙනකු වාර්තා වන අතර සමස්ත රෝගීන් සංඛ්‍යාව 310 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

අද දිනය තුළ වාර්තා වූ රෝගීන් පස් දෙනෙකු කොළඹ 12, බණ්ඩාරනායක මාවත ප්‍රදේශයේ නිරෝධායනයට ලක් වෙමින් සිටින පිරිසක් වන අතර අනෙක් රෝගියා රත්නපුර ප්‍රදේශයෙන් වාර්තා වේ. එම රොගියා තවත් කොරෝනා ආසාදිත පුද්ගලයෙකු ළඟින් ඇසුරු කළ අයෙක් බවද සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *