නව කොරෝනා වෛරසය ආසාදනය වූ බවට මෙරටදී හඳුනාගත් පළමු ශ්‍රී ලාංකිකයාගේ පවුලේ සියලු දෙනා මේ වන විට නිරෝධායනයට ලක් කර ඇතැයි රජය පවසයි.
නිවේදනයක් නිකුත් කරමින් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසා ඇත.
මේ අතර, එම පුද්ගලයාගේ පුත්‍රයාට රෝගය වැළඳී ඇතැයි පැවසෙන කට කතාව සම්පූර්ණයෙන්ම අසත්‍ය බව සෞඛ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් අනිල් ජාසිංහ මහතා පැවසු බවත් එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙයි.
ආසාදිත පුද්ගලයා මේ වන විට අංගොඩ ජාතික බෝවන රෝග විද්‍යාතනයේ ප්‍රතිකාර ලබයි.