කොරෝනා ආසාදිත කාන්තාව රැකියාව කළ ගොඩනැගිල්ලේ තවත් 400 දෙනෙක් සේවය කරලා

Share this Article

නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට අද දිනයේ තහවුරැ වූ දිවුලපිටිය ප්‍රදේශයේ පදිංචි කාන්තාව සේවය කළ ඇගළුම් කර්මාන්ත ශාලාවේ ගොඩනැගිල්ල තුළ සේවක සේවිකාවන් 400 දෙනෙකු සේවය කරන බව සෞඛ්‍ය අංශ සඳහන් කරයි. මෙම ඇගළුම් කර්මාන්ත ශාලාව මිනුවන්ගොඩ, යකාදුව ප්‍රදේශයේ පිහිටි ප්‍රධාන පෙළේ ඇඟළුම් කර්මාන්ත ශාලාවක් බවත් එම ඇඟළුම් කම්හලේ ගොඩනැගිල්ල දැනට මුද්‍රා තබා ඇති බවත් සෞඛ්‍ය බලධාරීන් දන්වා සිටී.

එම කාන්තාව සේවය කළ ගොඩනැගිල්ලේ පිරිස් කවුරුන්දැයි මේ වනවිට හඳුනාගෙන ඇති අතර ඔවුන්ව නිවෙස් වෙත ගොස් දැනුවත් කිරිමේ වැඩකටයුතු ආරම්භ කොට ඇති බවත් මෙම සේවිකාව සමග බස් රථයේ ගමන් කළ 40 දෙනෙකු පමණ නිවෙස් නිරෝධායනයට යොමු කොට ඇති බවයි සෞඛ්‍ය බලධාරීන් සඳහන් කරයි.

මෙම කාන්තාවගේ පවුලේ සාමාජිකයින් වන ඇයගේ ස්වාමිපුරුෂයා, දරුවන් සිව්දෙනා සහ ඇයගේ පියා මේ වන විට නිරෝධායනයට යොමු කොට ඇති අතර ඇගේ එක් දරුවෙකු හට සෙම්ප්‍රතිෂ්‍යාව සහ හුස්ම ගැනීමේ අපහසුතාවයක් ඇති බවට දැනුම් දී ඇති බවයි සෞඛ්‍ය බලධාරීන් සඳහන් කරන්නේ


Share this Article

Leave a Reply

Your email address will not be published.