කොවිඩ් ආසාදතයින් නිවෙස් තුළ මියයාමට නොසැළකිලිමත්කම ප්‍රධාන හේතුවක් බව වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතා සදහන් කර සිටියි.
එමෙන්ම කොවිඩ් ආසාදනය වූ සංකූලතා සහිත පුද්ගලයෙකුගේ ආයුෂ අවුරුදු 10කින් පමණ අඩු විය හැකි බවත් ඒ අනුව දියවැඩියාව, අධිරුධිර පීඩනය, හෘදය වස්තුවේ අමාරු සහිත පුද්ගලයෙකුගේ ආයු කාලය එලෙස අඩු විය හැකි බවයි ඒ මහතා පෙන්වා දෙන්නේ.
මෙම තත්වය නිසා අවුරුදු 60 ඉක්ම වූ පුද්ගලයෙකු කොවිඩ් ආසාදනයවී මියයාමේ ප්‍රවණතාවය ඉතාමත් වැඩි බවයි වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතා වැඩිදුරටත් පවසා සිටින්නේ.