කොරෝනා වෛරස් අවධානම හදිසි තත්ත්වයක් සේ සලකා කඩිනමින් පාර්ලිමේන්තුව රැස් කරන ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා රජයෙන් ඉල්ලීමක් කර ඇති බව විපක්ෂ නායක කාර්යාලය වාර්තා කරයි.
මේ වනවිට අදාළ වෛරසය ශරීරගත වූ රෝගියෙකු මෙරටින් හඳුනාගෙන ඇති බැවින් රට අවදානම් සහගත තත්ත්වයකට පත්ව ඇති බවත්, දේශපාලන මතිමතාන්තර ඉවත දමා සියලු පාර්ශ්වයන් එක්ව රට ආරක්ෂා කළ යුතු බවත් එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් කර තිබේ.