කොරෝනා

කොරෝනා අසාධිත නාවික සෙබලා සිටි කදවුරේ විශේෂ සෞඛ්‍ය ආරක්ෂක වැඩපිළිවෙළක්

අද දිනය තුළ වාර්තා වූ 12 වන කොරෝනා රෝගියා නිවාඩු ලබා සිටින නාවික හමුදා සෙබළෙක් බවට තොරතුරු වාර්තා වේ.

මෙම රෝගියා පොළොන්නරුව, වැලිකන්ද රෝහලේ ප‍්‍රතිකාර ලබමින් සිටි, නිවාඩු ලබා සිටින නාවික හමුදා සෙබළෙක් බව සඳහන්. ඔහු වැලිසර නාවික හමුදා කඳවුරේ විදුලි හා විද්‍යුත් අංශයේ සේවය කරනු ලැබූ 32 හැවිරිදි පුද්ගලයෙක් බවටයි නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක ලුතිනන් කමාන්ඩර් ඉසුරු සුරියබණ්ඩාර මහතා සඳහන් කලේ.

ඔහු අප්‍රේල් මස 17 වෙනිදා කඳවුරේ සිට නිවාඩු ලබා පොළොන්නරුව, පුලස්තිගම පිහිටි තම නිවස බලා ගොස් ඇති අතර අප්‍රේල් 20 වෙනිදා ඇතිවූ අසනීප තත්ත්වයක් මත රෝහල් ගතවී තිබේ. ඒ අනුව කරන ලද පරීක්ෂණ වලට අනුව ඔහුට කොරෝනා වෛරසය ආසාධනය වී ඇති බවට අද (22) දිනයේදී තහවුරු විය.

එබැවින් මෙම නාවික සෙබලා සේවය කළ වැලිසර නාවික හමුදා කඳවුර පරිශ්‍රය තුල විශේෂ සෞඛ්‍ය ආරක්ෂක වැඩපිළිවලක් ක්‍රියාවට නංවා ඇති බවත්, ඔහු සමීපව ඇසුරු කළ පුද්ගලයින් කවුරුන්ද යන්න මේ වන විටත් සොයා බලමින් සිටින බවටත් නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කරයි.

කෙසේ වෙතත් මෙම සෙබළාට කොරෝනා වෛරසය ආසාධනය වූ ආකාරය ගැන තවමත් කරුණු අනාවරණය වී නොමැති බවටයි වාර්තා වන්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *